එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිවරයා වශයෙන් මලික් සමරවික්‍රම මහතා ඊයේ රැස් වූ පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී ඒකමතික තීරණයෙන් තේරී පත් විය.
ජනාධිපතිවරණයෙන් පසුව ප්‍රථම වතාවට පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරි මණ්ඩලය කෝට්ටේ සිරිකොත මන්දිරයේදී ඊයේ රැස් විණි.
රූපමය අවවාද නොමැති දුම්වැටි අසුරණයන් පෙබරවාරී මස 1 වැනිදා සිට වෙළඳ පොළේ පැවැතියහොත් ඒ සඳහා නීතිමය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසූවද රූපමය අවවාද නොමැති දුම්වැටි සහිත අසුරණ ඕනෑතරම් තවමත් මෙරට වෙළඳ පොළේ විකිණිමට ඇති බව හෙළිවෙයි.
නෙළුම් පොකුණ මාවත යළි 'ආනන්ද කුමාරස්වාමි' නමට පිදේ
කොළඹ 07, නෙළුම් පොකුණ රඟහල අසල ඇති 'නෙළුම් පොකුණ මාවත' යළි 'ආනන්ද කුමාරස්වාමි' මාවත ලෙස නම් කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ වගා කරන සහ පරිභෝජනයට ගන්නා සහල් වර්ග බොහොමයක ආසනික් නම් උග්‍ර විෂ අඩංගු වන බව International Journal of Food Contamination නම් අන්තර්ජාතික සගරාවේ පල වන නවතම පර්යේෂණ පත්‍රිකාවකින් පෙන්වා දී ඇත.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්‌ති කුමාරතුංග මහතාට එළඹෙන මහ මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වන ලෙස එම පක්‍ෂය ආරාධනා කර ඇත.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිත් කරන ලද නව රජයේ අතුරු අය වැය වැඩි ජන්ද 163කින් සම්මත වී තිබේ.
මෛත්‍රි ආණ්ඩුව ගෙන යන්නේත් රාජපක්ෂ පාලනයමයි-ශිෂ්‍ය මර්දනය තවදුරටත්
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මඟින් ශිෂ්‍ය මර්දනයට එරෙහිව හා තවත් ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් මීට වසරකට පෙර එනම් රාජපක්ෂ පාලන සමයේ කැළණිය විශ්වවිද්‍යාලයේ සිට පැවැත්වූ පා ගමනක් සම්බන්දයෙන් කට උත්තර දීම සඳහා මෛත‍්‍රී පාලන යටතේ අද දින(7) ශිෂ්‍ය නායකයින් පිරිසකට පොලිසියට පැමිණෙන ලෙස සිතාසි නිකුත් කර ඇත.

