බරපතල සමාජ කලබැගෑනි නැති, සිවිල් යුද්ධ නැති රටක් සාමාන්‍යයෙන් ඉදිරියට යනවා මිස ආපස්සට යන්නේ නැත. එහෙත්, තිස් අවුරුදු යුද්ධය අවසන් කිරීමෙන් පසු ලංකාව ගියේම ආපස්සටයි. යුද්ධ කාලයේවත් ප්‍රජාතන්ත්‍රවාදය අහිමි නොකෙරුණු තරමට, යුද්ධයෙන් පසු ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කෙරුණි. අධිවේගී මාර්ග පද්ධතියක් අස්සේම අධිවේගයෙන් ගමන් ගන්නා ඒකාධිපතියෙක් බිහිවෙමින් සිටියේය.

පාර්ලිමේන්තුවේදී සම්මත කරගනු ලැබූ 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් අප බලාපොරොත්තු වූ දේ ඉටු වන්නේ නැහැ. එනිසා මීළඟ මැතිවරණයෙන් පසු ස්‌ථාවර ආණ්‌ඩුවක්‌ පිහිටුවා එහි පාර්ලිමේන්තුව ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයක්‌ ලෙස ක්‍රියා කරමින් විධායක ජනපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කෙරෙන නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කළ යුතු යෑයි සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ.

මහින්ද රාජපක්ෂ යුගයේදී එම පවුලේ සාමාජිකයන් හා හිතවතුන් විසින් නීති විරෝධි ලෙස රැස්කළ රාජ්‍ය වත්කම් යළි අත්පත් කර ගැනීම සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායක් රජය ඊයේ (30) පිහිටුවනු ලැබීය.

ලෝපුරා වැඩකරන ජනතාව මැයි දිනය සමරන අද (01) ශ්‍රී ලාංකික වැඩකරන ජනතාව ද ඊට එක්ව සිටිති. දිනාගත් පැය අටේ සේවා මුරය ඓතිහාසික ජයග්‍රහණය සමරමින් මෙවරත් මැයි දින සැමරුමට කම්කරු ජනතාව ලහිලහියේ සූදානම් වෙමින් සිටින අතර දිවයින පුරා සැමරුම් රැලි හා පෙළපාළි විසිපහකට අධික ප්‍රමාණයක් පැවැත්වේ.

සරසවි සිසුන් ඝාතනය කළ එළව එළවා පහර දුන් මහින්ද රාජපක්ෂ යුගයේදී ඒ හිස් මුදුනෙන්ම අනුමත කළ එවකට ඇමැති විමල් වීරවංශ ඊයේ (28)පොලීසිය සරසවි භික්ෂූන්ට එල්ල කළ පොලිස් පහර දීම හෙලා දැක නිවේදනයක් නිකුත් කොට තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන බැසිල් රාජපක්ෂ ද්විත්ව පුරවැසියෙකු නොව ග්‍රීන් කාඩ් හිමියෙකු පමණක් බැවින් ඔහුට 19වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසි බාවය දරන්නෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැක බවට ගෙන ආ නීතිය බාධකයක් නොවන බව වාර්තා වේ.

 

අයවැයෙන් යෝජනා කෙරුණු පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩිවීම හෙට සිට ක්‍රියාත්මකවීමට නියමිතය.

මීට වසර 10කට පෙර පැහැරගෙන ගොස් ඝාතනය කෙරුණු ධර්මරත්නම් සිවරාම් මාධ්‍යවේදියා වෙනුවෙන් සැමරුම් උළෙලක් ඊයේ(29) පැවැත්වුණි. මඩකලපු නගරසභා ශාලාවේ පැවැත්වුණු මෙම උත්සවය සදහා මඩකලපු මාධ්‍යවෙදීන්ගේ අාරාධනයෙන් උතුරේ මාධ්‍යවේදීන්,නැගෙනහිර මාධ්‍යවේදීන් මෙන්ම දකුණේ මාධ්‍යවේදීන් ද සහභාගී වූහ.

ld add copy

Connet With Us