පුංචි ඡන්දෙත් කොට්ඨාස ක්‍රමයට

Published in පුවත්
Thursday, 14 May 2015 13:57

ඉදිරියේදී කොට්ඨාස ක්‍රමය පදනම් කර ගත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් යටතේ මැතිවරණයක් පවත්වා පළාත් පාලන අායතනවල සභිකයින් තෝරා පත්කර ගැනීමට හැකියාව අැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (14) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

පළාත් පාලන අායතන 234 ක ධූරකාලය මේ මස 05 වන දිනද අායතන 65ක ධූරකාල සීමාව ජූලි මස 31 දාද අායතන 21ක ධූර කාලය ඔක්තෝම්බර් 16 දාද අායතන 02 කාලසීමාව ඔක්තෝම්බර් 31 ද අවසන් වීමට නියමිතව පවතී.

ඒ අායතන පාලනය වන මහනගර සභා අාඥාපනත, නගර සභා අාඥාපනත සහ ප්‍රාදේශීය සභා පනත යන පනත්වල විධිවිධාන ප්‍රකාරව අදාළ වන පරිදි ඒවායේ ධූර කාලය තවදුරටත් දීර්ඝ කිරීමේ හෝ කෙටි කිරීමේ හැකියාව පවතී. නමුත් ඉදිරියේදී කොට්ඨාස ක්‍රමය පදනම් කර ගත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් යටතේ මැතිවරණයක් පවත්වා පළාත්පාලන අායතනවල සභිකයින් තෝරා පත්කර ගැනීමට හැකියාව අැති බැවින් පළාත් පාලන අායතනවල ධූර කාලය දීර්ඝ නොකර ඒවායේ ධූරකාලය අවසන්වීමට ඉඩ හරින බව රාජ්‍ය පරිපාලන,පළාත් පාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබද අමාත්‍ය කරූ ජයසූරිය විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කරනු ලැබු බව පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us