අද මධ්‍යම රාත්‍රියේ සිට ෆේස් බුක් සමාජ ජාලය අවහිර කිරීමට රාජපක්ෂ පවුල් ආණ්ඩුව උත්සහ ගනිමින් සිටින බව වාර්තාවේ.

මීට පැය කිහිපයකට පෙර කොට්ටේ මාදිවෙල ඊයම්පොරුව විහාරය පැමිණි ගොඨාභය රාජපක්ෂ එහි සූදානම් කර තිබූ උත්සවයකදී ප්‍රදේශවසීන්ට පාසල් පොත් බෑග්, රෙදි පිළි ආදිය බෙදා දී මහින්ද රජපක්ෂ වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්නයැයි පවසා ඇත.

ජනපති ජනහමුව වැඩසටහන පැවැත්වීමට අවසර ලබාදෙන ලෙස කඩුවෙල දිසා අධිකරණයට අද ඉදිරිපත් කළ පෙත්සම නිශ්ප්‍රභ කෙරුණු බව ජනාධිපති නීතිඥ රොනල් පෙරේරා මහතා පැවසීය.

දැව සංස්ථාවේ සභාපති සිරිපාල අමරසිංහ විසින් අද (07) එම සංස්ථාවේ ජාතික සේවක සංගම් සභාපතිවරයාට ගිනි අවි පෙන්වා මරණ තර්ඡන එල්ල කර තිබේ.

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කහවත්ත නගරයේ අවසන් ඡන්ද රැලියේ සැරසිලි කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ කහවත්ත වෙළඳ සංගමයේ ලේකම් කරුණාසේන ශාන්ත දොඩම්ගොඩ මහතා මරණයට පත්ව ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි.

එකාධිපති මහින්ද රාජපක්ෂ පවුල් ආන්ඩුව පරාජය කිරීම වෙනුඑන් වෙහෙසෙන සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් දෙදෙනකු වන බ්‍රිටො ප්‍රනාන්දු මහතා හා ප්‍රසංග ප්‍රනාන්දු යන අයට අද දින දුරකතන ඇමැතුමක් ලබා දුන්නකු විසින් බල්ලන් මෙන් මරා දමන බවට තර්ජනය කර තිබේ.

අද පෙරවරුවේ සිටම ඡන්ද මධ්‍යස්ථාන ආශ‍්‍රිතව විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමට නියමිතය. ඡන්ද දායකයින්ගේත් නිලධාරීන්ගේත් ආරක්‍ෂාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයා තමන්ට සහතිකයක් ලබාදුන් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

ජනාධිපති අපෙක්ෂක මහින්ද රාජපක්ෂ සිය ජනාධිපතිවරණ ප්‍රචරක වැඩ අත්හි‍ටුවා පෙරේදා උදැසන ශ්‍රී මහා බෝධිය වන්දනා කර ආගමිකවත් පිළිවෙත් අනුව කටයුතු කිරීමටත් රට පුරා ඇති දේවාල ගානේ යාමටත් පටන් ගෙන තිබේ.

ld add copy

Connet With Us