ඩෙංගු රෝගීන් කොළඹින් 3,847 ද ගම්පහෙන්1,778 ද සහ කළුතරින් 645 ද වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග ඒකකය පවසයි.
එම ඒකකය පවසන පරිදි යාපනය මඩකලපුව, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්ක තුල ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇත. අන්තර් මෝසම් වර්ෂාවේ ආරම්භයත් සමඟ තවදුරත් රෝගය පැතිර යා හැකි බැවින් පරිසරය පිරිසිඳුව තබාගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග ඒකකය පවසයි.