මහින්ද මංගලගෙන් කෝටි 100ක් ඉල්ලයි

Published in පුවත්
Wednesday, 13 May 2015 14:24
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කීර්තිනාමයට හානී සිදුවන ආකාරයේ අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා කරමින් රුපියල් කෝටි සියයක වන්දියක් ලබාදෙන ලෙස ඉල්ලා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාට  එන්තරවාසියක් යොමුකර තිබේ.
සිය නීතීඥ අතුල පි‍්‍රයදර්ශන ද සිල්වා මහතා මාර්ගයෙන්  හිටපු ජනාධිපතිවරයා එම එන්තරවාසිය යොමුකර ඇත. අමෙරිකානු ඩොලර් බිලියන 18 ක වත්කම් රාජපක්ෂ පවුල සතුව ඇති බවට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේය. 
 
එමෙන්ම ශ‍්‍රී ලංකාවේ පළමු ටි‍්‍රලියනපතියා මහින්ද රාජපක්ෂ මහතා බවද එහිදී ප‍්‍රකාශ කර අැති බවත්, මෙම චෝදනා සැලකිල්ලට ගෙන අදාල එන්තරවාසිය මංගල සමරවීර අමාත්‍යවරයා වෙත යොමුකල බව නීතීඥ අතුල පි‍්‍රයදර්ශන ද සිල්වා මහතා සඳහන් කලේය.
 
ඔහු මංගල සමරවීර මහතා වෙත ඉදිරිපත් කර ඇති එන්තරවාසියේ සඳහන් කර ඇත්තේ ඉහත ප‍්‍රකාශයන් තුළින් තම සේවාදායකයාට බලවත් අසාධාරණයක් සිදුව ඇති බවයි. සිය සේවාදායකයාගේ කීර්ති නාමයට එමගින් සිදුවූ පාඩුව ගණනය කළ නොහැකි බවය. එබැවින් එම තත්ත්වයන් සලකා බලා රුපියල් කෝටි සියයක වන්දියක් ගෙවන ලෙසද එම වගකීම පැහැර හරින්නේ නම් නඩු පවරන බවත් මංගල සමරවීර මහතා හට යොමුකර ඇති එන්තරවාසියේ වැඩිදුරටත් සඳහන්ය.
 
මේ අතර පසුගියදා මුදල් ඇමති රවී කරුණානායක මහතා හිටපු ජනපතිගෙන් රුපියල් මිලියන 2000ක වන්දියක් ඉල්ලා අපහාස නඩුවක් දමන බව පැවසීය.ඒ ලංකාපුත්‍ර බැංකුවෙන් ණය ලබාදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා විසින් කර ඇති ප්‍රකාශයක් පදනම් කරගනිමින්ය.
 
සබැදි පුවත්

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us