මහජන මුදලින් විමල් ඥාතීන්ට සලකලා

Published in පුවත්
Thursday, 14 May 2015 12:07

රාජපක්ෂ අාණ්ඩුවේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ධුරය දැරූ විමල් වීරවංශ මහතා ඔහුගේ ඥාතීන් පිරිසකට මත්තේගොඩ සහ කහතුඩුව ප්‍රදේශවල ඉදිකළ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිවලින් රුපියල් මිලියන 71 ක් වටිනා නිවාස 06 ක් අඩු වටිනාකම් තක්සේරුවකට ලබාදීම පිළිබඳ කරුණු අනාවරණය කරගෙන අැති බව නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශ යටතේ පවතින සීමාසහිත ඕෂන් වීව් ඩිවලොප්මන්ට් සමාගමේ සභාපති පූර්ණ චන්දන සිල්වා මහතා පවසයි .ඔහු මෙසේ පැවසුවේ, නිවාස සහ සමෘද්ධි අමාත්‍යාංශයේ ඊයේ (13) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින්ය.

අමාත්‍යාංශයට අයත් රුපියල් මිලියන 14 ක මහජන මුදල් අවභාවිතාවේ යොදවමින් 2015 වසර සඳහා දින පොත් 30,000 ක් සහ දින දර්ශන තොගයක් මුද්‍රණය කිරීමක් පිළිබඳවද තොරතුරු අනාවරණය වී ඇතැයිද සභාපතිවරයා පවසා සිටියේය.

විශ්‍රාමික දිසා විනිසුරු ජී.එච්. පුංචිහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ විශේෂ කමිටුවක් මගින් අනාවරණය කරගත් මෙම කරුණු පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත දැනුම්දීමෙන් පසු මේ වනවිට කඩිනම් පරීක්ෂණ අරඹා තිබෙන බවත්, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කළ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

විමල් වීරවංශ මහතාගේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනාගේ ස්වාමි පුරුෂයන් දෙදෙනාට තම සමාගම වාණිජ අලෙවිය සඳහා මත්තේගොඩ ප්‍රදේශයේ ඉදිකළ නිවාස ව්‍යාපෘතියෙන් වාරිකයක් පමණක් ගෙවීමෙන් පසු නිවාස 2 ක් ලබාදී තිබූ බවද සභාපතිවරයා පැවසීය. මෙම එක් නිවසක් රුපියල් මිලියන 14 ක් පමණ වටිනා බවද ඔහු කීය.

එසේම කහතුඩුව ප්‍රදේශයේ ඉදිකළ නිවාස ව්‍යාපෘතියේ තිබූ එකක් මිලියන 10 ක් වටිනා නිවාස 4 ක් හිටපු අමාත්‍යවරයාගේ ඥාතීන්ට බෙදා දී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

විමල් වීරවංශ මහතාගේ මස්සිනා කෙනෙකු වන අජිත් කුමාරගේටද, වීරවංශ මහතාගේ සහෝදරියගේ පුත්‍රයාගේ භාර්යාව වන වත්සලා කුමාරසිංහටද, වීරවංශ මහතාගේ වැඩිමහල් සහෝදරියගේ පුත්‍රයාගේ භාර්යාව වන ඉසුරු තරංගමාලාට සහ ජනාධිපති මාධ්‍ය ඒකකයේ සිටි මිලින්ද රත්නායකට මෙසේ නිවාස ලබාදී තිබෙන බව සභාපතිවරයා ප්‍රකාශ කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us