ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් තම පක්‍ෂය පොදු අපේක්‍ෂකයකුට සහාය දීම හෝ පක්‍ෂයෙන් අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීම සිදු නොවනු ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රකාශකයෙක්‌ ප්‍රකාශ කළේය.

පෙර විවාහයේ දියණියන් දෙදෙනා ඇතුළු දියණියන් තිදෙනාට ලිංගික අතවර කිරීම ගැනත්, තර්ජනය කොට බියවද්දා තමා ද බලහත්කාරයෙන් වෙනත් පිරිමින්ට අලෙවි කිරීම ගැනත් එම කටයුතු සී.ඩී.පටවලට ඇතුළත් කොට අලෙවි කිරීම ගැනත් තම සැමියාට එරෙහිව කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියත්” ‍පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයත් චූදිතයා ආරක්ෂා කිරීමට ක්‍රියා කරන බව පවසමින් බිරියක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.

මෙරට කිරි පිටි ගෙන්වීම ගිය වසරට සාපේක්ෂිතව මේ වසරේ ටොන් 78,000කින් පමණ අඩුවී ඇතැයි වාර්තා වේ.

ඉන්දියාවේ අම්බර් ප්‍රදේශයෙහි චින්නපල්ලිකුප්පම් සරණාගත කඳවුරේ දී ශ්‍රී ලාංකික දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පාසල් ශිෂ්‍යයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

18 හැවිරිදි අදාළ පාසල් සිසුවා එම සරණාගත කඳවුරේම පදිංචි අයෙකු වන බව ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය වාර්තා කරයි.

සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමන්ට පහරදුන් දිනයේම බාරදුන් බව බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් වෛද්‍ය කි‍්‍රස් නෝනිස් මහතා පවසයි. 
 
ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉකුත් අමෙරිකානු සංචාරය අතරතුරදී බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් වෛද්‍ය කි‍්‍රස් නෝනිස් මහතාට විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා විසින් සිදුකළැයි කියන පහරදීම සම්බන්ධයෙන් ඔහු විසින් එදිනම සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී නැවත ලන්ඩන් නුවර බලා පිටත්ව ගිය බව අද දෙරණ කළ විමසීමකදී වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා සඳහන් කර සිටියේය. 

දෙමළ ජාතික සන්ධානය හැර අනෙකුත් දේශපාලන පක්ෂ සමග දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නැයි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

රුපියල් ලක්ෂ 75ක මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ නියෝජ්‍ය මුල්‍ය ලේකම් වැල්ලම්පිටියේ සුමන ධම්ම හිමියන් පැලියගොඩ නිවසක සැඟවී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (03) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇතැයි අමාත්‍ය මර්වින් සිල්වා මහතා 'ලංකා ඩේලි' වෙත පැවසිය.

කොළම කටුනායක  (E03) අධිවේගී මාර්ගයට ලබන අඟහරුවාදා දිනයේ සිට සතියේ දිනවල මීගමුව හා නුවර පාරෙන් වාහන ඇතුළු කිරීම සීමා කර තිබේ.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us