අවම මාධ්‍ය නිදහස ඇති රටවල් අතරට ශ්‍රී ලංකාවත්

Published in පුවත්
Wednesday, 20 May 2015 11:41

ලෝකයේ අවම මාධ්‍ය නිදහසක්‌ ඇති රටවල් 20 අතර ශ්‍රී ලංකාව ද සිටින බව "දේශසීමා රහිත වාර්තාකරුවෝ" නම් ජාත්‍යන්තර සංවිධානය 2015 වර්ෂය සඳහා සකස්‌ කළ ලෝක මාධ්‍යයේ නිදහස පිළිබඳ දර්ශකය ඇතුළත් වාර්තාව සඳහන් කරයි.

ලෝකය රටවල් 180 ක්‌ යොදාගනිමින් සකස්‌ කළ මෙම දර්ශකයට අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 165 වැනි ස්‌ථානයය. පසුගිය වසරේ ද ශ්‍රී ලංකාවට මෙම දර්ශකයේ දී හිමිව තිබුණේ 165 වැනි ස්‌ථානයයි.

මාධ්‍ය බහුවිධතාව (මාධ්‍ය හරහා නිරූපණය වන මතය), මාධ්‍ය ස්‌වාධීනත්වය, රාජ්‍ය වාරණයේ ස්‌වභාවය, ව්‍යවස්‌ථාදායක රාමුව හා එහි නීති, තොරතුරුවල විනිවිදභාවය, තොරතුරුවල ව්‍යුහය හා මාධ්‍ය පීඩාකිරීම් යන නිර්ණායක හත සඳහා එක්‌ එක්‌ රටවල්වලින් ලබාගත් ප්‍රශ්නාවලි තොරතුරුවලින් මෙම දර්ශකය සකස්‌ කර ඇත. මෙම තොරතුරු අනුව එක්‌ එක්‌ රටවලවලට ලකුණු ලබාදීමේ ක්‍රමයකින් මෙම දර්ශකය සකස්‌ කර ඇති අතර මෙම දර්ශකයේ අඩුම ලකුණු ලබාගත් රටවල් අඩුම මාධ්‍ය නිදහසක්‌ ඇති රටවල් ලෙසත් වැඩිම ලකුණු ලබාගත් රටවල් වැඩිම මාධ්‍ය නිදහසක්‌ ඇති රටවල් ලෙසත් වර්ගීකරණය කර ඇත.

මෙම දර්ශකයට අනුව ලෝකයේ වැඩිම මාධ්‍ය නිදහසක්‌ ඇති රටවල් තුන පිළිවෙළින් පින්ලන්තය, නෝර්වේ, ඩෙන්මාර්කය වන අතර මාධ්‍ය නිදහස අඩුම රටවල් තුන වන්නේ තුර්ක්‌මෙනිස්‌තානය, උතුරු කොරියාව හා එරිත්‍රියාවයි.

ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ මෙම දර්ශකයට අනුව දකුණු ආසියානු රටවල් වන භූතානයට 104 වැනි ස්‌ථානය ද, නේපාලයට 105 වැනි ස්‌ථානය ද, මාලදිවයිනට 112 වැනි ස්‌ථානය ද, ඇෆ්ගනිස්‌ථානයට 122 වැනි ස්‌ථානය ද, ඉන්දියාවට 136 වැනි ස්‌ථානය ද, බංගලාදේශයට 146 වැනි ස්‌ථානය හා පකිස්‌ථානයට 159 වැනි ස්‌ථානය ද හිමි වී ඇත.

(divaina)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us