දූෂණ චෝදනා හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරනු ලැබූ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර මහතාට පසුගිය රජයේ සිදුව ඇතැයි කියන වංචා සහ දූෂණ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීම සඳහා අගමැතිවරයාගේ දූෂණ විමර්ශන කමිටුවට පත්කර ඇත. එමෙන්ම ඔහු අපරාධ පරික්ෂණ දෙපර්තමේන්තුවේ ප්‍රධානියා වීමටද අගමැතිවරයාගෙන් ඉල්ලීම් කර ඇති බවත් වාර්තාවේ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා අද දින(31) ඒ මහතා පදිංචිව සිටින ඕට්‍රේලියාවේ නිවස බලා පිටත්ව යාමට නියමිත බව වාර්තාවේ.
බැසිල් රාජපක්ෂට හිමිකාරිත්වයක් පවතී යැයි සැලකෙන කොබෙයිගනේ පවත්වාගෙන යන නීතිවිරෝධි ජිෆී ප්‍රඩක්ට් කොහු කර්මාන්තායතය වහාම තහනම් කරන ලෙස ඉල්ලා එම ප්‍රදේශයේ ජනතාව එම කාර්මාන්තායතනය වටලා ඇතැයි වාර්තාවේ.
පොදු රාජ්‍ය මණ්ඩලිය මහලේකම් කමලේෂ් ශර්මා මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (31) දිවයින පැමිණිමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.
බොහෝදෙනෙක් නොදන්නා කරුණක් තමයි ගොඩක් පිරිමින් ලිංගික ගැටළුවලින් පීඩා විඳිනබව.ඇමරිකාවේ සිදුකල අධ්‍යනයකට අනුව එරට වෙසෙන වයස 60ට අඩු මිනිසුන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකුටම ලිංගික ගැටළු තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එල්ල වී ඇති චෝදනා වලට නීතියෙන් දඬුවම් නොලැබෙනු ඇති බව විදුලි බල හා බල ශක්ති ඇමැති පාඨලී චම්පික රනවක මහතා 'දේශය' පුවත්පත හා සංවදයක නිරතවෙමින් පවසා ඇත.
අධිවේගී මාර්ගයේ බස් රථ වලට බලපත්‍ර නිකුත් කිරීමේදී විවිධ අක්‍රමිකතා සිදුව ඇති බව ඊයේ (30)කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.