සිරිපාල උන්නැහේ 20ට බයයි-හැරිසන්

Published in පුවත්
Tuesday, 23 June 2015 12:44

එජාපය 20 වන ව්‍යවස්ථා සංශෝධනයට කැමති බවත් නිමල් සිරිපාලද සිල්වා 20ට බය බවත් ආසයි බයයි දෙකක් තියාගෙන මේ කටයුත්ත කළ නොහැකි බව සමාජ සුභ සාධන සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.ඔහු මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද(23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

20 වන ව්‍යවස්ථා සංශෝධනය අදත් හෙටත් පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීන්දු කළ විට නිමල් සිරිපාලද සිල්වා විසින් එය බරපතල ලෙස දෝෂ දර්ශනයට ලක් කරමින් මාධ්‍ය හමුවලදී අදහස් දැක්වූ බව පී. හැරිසන් මහතා පැවසූවේය.

පක්ෂ නායක රැස්වීමේදී බහුතරයක් දෙනා 20 විවාදයට ගැනීමට කැමතිවූවත් නිමල් සිරිපාල මහතා උත්සාහ ගත්තේ මෙය නැවැත්වීමට බවත් ඔහුගේ එම ක‍්‍රියාකළාපය තුළින් පැහැදිලි වන්නේ 20 සම්මත වේ යැයි ඔහු බියෙන් පසුවන බවයි යනුවෙන් අමාත්‍යවරයා පවසයි.

19 සම්මත කරන අවසාන අවස්ථාවේ පවා එයට අනවශ්‍ය සංශෝධන ගෙනවිත් බාධා ඇති කළ බවත් දැන් 20 වන සංශෝධනයට අවහිර කරන බවත් පැවසුවේය.
20ට විරුද්ධ වන සියල්ලන්ම දෙ‍්‍රා්හීන් බව පසුගිය දිනක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පැවසූ බවත් ශ‍්‍රීලනිප පක්ෂය තුළ වෙනම කණ්ඩායමක් ලෙස සැදී යහපත් දේට විරුද්ධවන දෙ‍්‍රා්හීන් කණ්ඩායමක් සිටින බවත් ඔවුන් එක් කකුලක් මහින්ද ළග තියාගෙන අනිත් කකුල මෛත‍්‍රී ළග තබා ගෙන සිටින බවත් පැවසුවේය.

මහින්ද යුගයේ කළ කොන්ත‍්‍රාත් වැඩ දැන්වත් නවත්වන ලෙස හැරිසන් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

අපි කැමතියි 20 ට නිමල් බයයි 20ට ආසයි බයයි තියාගෙන මේ දෙය කළ නොහැකියි. බහුතරයක් දෙනා 20 ට කැමති බවත් කිහිප දෙනෙකුගේ පෞද්ගලික න්‍යාය පත‍්‍ර වලට හසුවී 20 වැළැක්වීමට ඉඩ නොතබන ලෙස කීවේය.එජාපය 20 ට අත්දෙකම උස්සා ඡන්දය දීමට සූදානම් බවත් නිමල් සිරිපාල වැන්නන් 20 ට අකුල් හෙළන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසුවේය.

Last modified on Tuesday, 23 June 2015 12:51

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us