ඩයස්පෝරා සැණකෙළිය මගේ අදහසක් -මංගල(video)

Published in පුවත්
Tuesday, 23 June 2015 13:02

ඩයස්පෝරා සැණකෙළිය තමන්ගේ අදහසක් බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාවේ ඩයස්පෝරා සැණකෙළි පැවැත්වීමට කිසිදු මුල්‍ය ආධාරයක් ලබා දී නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (23)කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ පැවති උත්සවයකදීය.

මෙම වසර අවසානයේ දී ඩයස් පෝරාව වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට සුදානම් වන සැණකෙළියක සදහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අමෙරිකානු ඩොලර් මිලියන 3.5 මුදලක් ලබා දී ඇති බවට එල්ල කරන චෝදනාවලට අමාත්‍යවරයා මෙහිදී පිළිතුරු දුන්නේය.

අමාත්‍යවරයා පැවසුවේ එවැනි කිසිදු මුදලක් හෝ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සිදු කර නොමැති බවත් ඇතැම් පාර්ශව කරනු ලබන එවැනි චෝදනා පදනම් විරහිත බවයි.

එසේම විදේශ ගත ශ‍්‍රී ලාංකිකයින්ගෙන් රටේ සංවර්ධනය සදහා දායක කර ගැනීම වරදක් දැයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රශ්ණ කර සිටි අතර නුගත් පිරිස් ඩයස් පොරාව කියා සිතන්නේ වෙනත් ග්‍රහලෝකයෙන් පැමිණෙන ත්‍රස්තවාදින් සංවිධානයක් බවයි යනුවෙන් පැවසුවේය.

මෙහිදී ජාති, ආගම්, සංස්කෘතික වෙනස්කම්වලින් තොරව කටයුතු කළ යුතු බවත් ඩයස්පෝරාව කොන්කිරීමේ ප්‍රතිපත්තියෙන් අප බැහැර විය යුතුව ඇති බවත් මෙය සංහිඳියාවේ එක් ක්‍රියාමාර්ගයක් බවත් අපේ රට ආර්ථික වශයෙන් දියුණු කිරීමට මෙම ඩයස්පෝරාව යොදාගත හැකි බව ද අමාත්‍යවරයා පැවසිය.

එසේම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ විදේශවල සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් සම්බන්ධව අපේ විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින් සම්බන්ධතා ගොඩනඟා ගත යුතුයි. ජනාධිපතිතුමා, අගමැතිතුමා විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ ක්‍රියාකලාපය පිළිබඳ සම්පූර්ණ විශ්වාසය තබා තිබෙන බවයි.

උතුරු, නැ‍ඟෙනහිර ගොඩනැඟීම සම්පූර්ණයෙන් සිදුවී නොමැති බවත් භෞතික සම්පත්වලින් පමණක් සමෘද්ධිය හා සංහිඳියාව ඇති කිරීමට නොහැකි බව මෙවර ජනපතිවරණයේදී ජනතාව පෙන්වා දුන් බව ද හෙතෙම පැවසිය.

යුද්ධයෙන් පසු පශ්චාත් යුද සමයේ සංහිඳියාව සම්බන්ධයෙන් අප කටයුතු කළ යුතු වන බවත් ඒ සඳහා දේශිය යාන්ත්‍රණයක් අවශ්‍යය බවත් අවධාරණය කළේය.

අමාත්‍යවරයාගේ සම්පූර්ණ කතාව පහතින් නරඹන්න

Last modified on Tuesday, 23 June 2015 14:43

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us