දෙවන මෙහෙයුම අලුත් පාර්ලිමේන්තුවෙන් පටන් ගන්නවා-අකිල

Published in පුවත්
Tuesday, 23 June 2015 15:02

‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍එජාපය ආරම්භ කළ පළමු මෙහෙයුම ජනවාරි 08 වනදා සාර්ථකව අවසන් කළ බවත් දැන් ආරම්භ කර ඇති දෙවන මෙහෙයුම යටතේ පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබා ගෙන රටේ යෝධ සංවර්ධනයක් කරා පියනගන බව එජාප මාධ්‍ය ප්‍රකාශක අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ අද (23) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පසුගිය ජනවාරි 08 දා දූෂණයේ ගස කපා දැමූ නමුත් එම ගසේ මුල් තවමත් දක්නට ඇති නිසා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය හරහා යළි ඔවුන් බලයට ඒමට උත්සාහ දරන බවත් පැවසුවේය.පසුගිය රජයේ අලිබබාගේ ජවනිකාව අවසන් කළ බවත් දැන් හොරු හතළිහ පාර්ලිමේන්තු මැතිවරණය හරහා බලයට පැමිණීමට උත්සාහ දරන බවත් කීවේය. යළි බලය ලබා ගෙන ඔවුන්ගේ දූෂණ වංචාවන් එළියට ඒම වළක්වා ගැනීමට සහ එම චෝදනා වලින් මිදීමට ඔවුන් උත්සාහ දරන බවත් ඔවුන් කුමන ආකාරයකින් මැතිවරණයට ඉදිරිපත්වූවද ජනතාව ඔවුන්ව අනුමත නොකරන බවත් කීවේය.

ජනවාරි 08 වනදා ලැබුණු ජනවරම පාර්ලිමේන්තු මැතිවරණය හරහා ශක්තිමත් කර ගැනීමට කටයුතු කරන බවත් දින සියය යටතේ වත්මන් ජනාධිපතිවරයා සියලු පොරොන්දු ඉටු කළ අතර 20 වන සංශෝධනය ගෙන ඒමට ඔහු දැඩි උවමනාවක් තිබුණද සමහර කේවට්ටයින් විවිධ න්‍යායපත‍්‍රවල සිටිමින් එයට අකුල් හෙළන බව සදහන් කළේය.

ජනතාව එජාපය සමග අත්වැල් බැදගෙන ඇති බවත් හැමදාම බලයේ සිටීමේ අවශ්‍යතාවයෙන් කටයුතු කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් විනාශ කිරීමට කටයුතු කළ රාජපක්ෂලා පිළිබදව ජනතාව හොදින් දන්නා බවත් පැවසුවේය. මේ වන විට අලිබබා සහ හොරු හතළිහට පක්ෂයක් වත් තීරණය කර ගැනීමට නොහැකිවී ඇති බවද පැවසුවේය.

මේ වන විට ස්ථාවර එජාප ආණ්ඩුවක් යටතේ දැවැන්ත ආයෝජනයන් සිදු කිරීමට විදේශ ආයෝජකයින් පිරිසක් පෙළ ගැසී සිටින බවත් එජාප ආණ්ඩුවක් යටතේ රටේ ආර්ථිකය නැංවීමට,රටේ පරිපාලනය කළමනාකරණය කිරීමට රැකියා අවස්ථා බිහි කිරීමට සූදානම් බවත් කීවේය. දෙවන මෙහෙයුම යටතේ අලි බබා සහ හොරු හතළිහගේ මුල් ගලවා දමා දූෂණයට තිත තබන බව හෙතෙම වැඩි දුරටත් පැවසුවේය.

 

Last modified on Tuesday, 23 June 2015 15:09

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us