අගමැති රනිල් වික්රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය භාර දීමත් සමඟ පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණ්‍යකට යෑම හැර වෙනත් කිසිදු විකල්පයක් නැතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
පන්ති කාමර තුල උග්‍ර විෂ සහිත ඔලිඳ බීජ භාවිතා කිරීමෙන් වැළකී සිටින ලෙස, ජාතික විෂ තොරතුරු ඒකකය අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
අගමැති රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ විවාද කර හැකි නම් ඡන්ද විමසුමක් සිදු කර පෙන්වන ලෙස එක්‌සත් ජාතික පක්‍ෂය මහින්ද රාජපක්‍ෂ පාර්ශ්වයට අභියෝග කර සිටින බව එක්‌සත් ජාතික පක්‍ෂයේ හිටපු සභාපති ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවැසීය.
දේශීය වෙළෙඳ පොළේ අර්තාපල් සහ ලූනු මිල ඉහළ යාම හේතුවෙන් පාර්භෝගියන් පත් වූ අපහසුතාව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත දැනුම් දී ඇත. මේ ගැන සලකා බැලූ මුදල් අමාත්‍යවරයා දේශීය ගොවියා ශක්තිමත් කිරීම වෙනුවෙන් පසුගිය අප්‍රේල් මාසයේ ආනයනික අර්තාපල් සහ ලූනු වෙනුවෙන් වැඩි කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වහා අඩු කර පාර්භෝගිකයා වෙනුවෙන් සහන ලබා දීමට තීරණය කර ඇත.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් විශේෂ සාකච්ඡාවක් ජනධිපති ලේකම් කාර්යාලයේදී සවස 7.30 ට පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
මහින්දගේ රත්තරන් ටොන් 310 ගනුදෙනුව ගැන මෛත්‍රීත් නිහඬයි
එල්ටීටීඊ සංවිධානය සතුව තිබී ආරක්ෂක හමුදා විසින් අත් අඩංගුවට ගෙන රජයට බාර දුන් රත්ත්‍රන් ටොන් 350 න් ටොන් 310ක් හොර පාරේ ජපානයට විකිණීම සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල වෙත එල්ල වී ඇති බරපතල චෝදනාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිහඬ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාම සැකයට තුඩු දෙන්නක් බව මේ සම්බන්ධයෙන් තතු දත් ආරංචි මාර්ග පවසයි.
අගමැති රනිල් වික්රමසිංහ මහතාට විරුද්ධව විපක්ෂයේ මන්ත‍්‍රීවරු අත්සන් කළ විශ්වාස භංග යෝජනාව පාර්ලමේන්තු මහ ලේකම් ධම්මික දසනායකට මහතාට අද සවස භාරදුන්නේය.
කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනීම ලබමින් සිටි එච්.සෛ්මිණී දම්සරණි දැරිය පැහැරගෙන ගොස් දැනට මාස 02 ක් තරම් කාලයක් ගතවී ඇතත් ඒ පිළිබදව කිසිදු හෝඩුවාවක් නොමැති වීම පිළිබදව විරෝධය හා බලවත් කණගාටුව පල කර සිටින බව ලංකා ගුරු සේවා සංගමය නිවේදනයක් මගින් සදහන් කර සිටියි.

