එල්.ටී.ටී.ඊයේ හිටපු නායකයෙකුත් මැතිවරණ සටනට!

Published in පුවත්
Monday, 29 June 2015 12:11

එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ප්‍රධාන පෙළේ නායකයෙකු බව පැවසෙන අත්මලිංගම් රවීන්ද්‍ර හෙවත් රුපන් නැමැත්තා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට සුදානම් බව වාර්තා වේ.

මේ සඳහා ඔහු විසින් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට ඉල්ලුම් පත්‍රයක් ලබාදී ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තාවලට අනූව අත්මලිංගම් රවීන්ද්‍ර හෙවත් රුපන්ට පාර්ලිමේන්තු මැතිවරණයට එම පක්ෂය යටතේ තරඟ වැදීමට අවස්ථාවක් හිමිවනු ඇති බව ද එම වාර්තාවල දැක්වේ.

රුපන් සිය ඉල්ලුම්පත්‍රය ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා වෙත ලබාදී ඇති අතර ඔහු විසින් සිය අතීතය ගැන ද එහි සඳහන් කර තිබීම විශේෂත්වයකි.

තමන් මඩකළපුව බන්ධනාගාරයේ ගත කළ ආකාරය මෙන්ම එල්.ටී.ටී.ඊ නායකයා වූ වේළුපිල්ලේ ප්‍රභාකරන් පළමු වතාවට හමුවූ ආකාරය ගැනද හෙතෙම එහි සඳහන් කර තිබේ.

එසේම එවකට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකයා වූ ආර්.සම්බන්ධන් සමග තිබූ සබඳතා ගැනද ඔහු විසින් සඳහන් කර ඇත.

2009 මැයි මස එල්.ටී.ටී.ඊයට එරෙහි යුද්ධය අවසන් වීමෙන් පසු ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය එම සංවිධානයේ ක්‍රියාකාරකම්වලට විරෝධය පළ කර ද්‍රවිඩ ජාතික සන්ධානය මෙන් කටයුතු නොකර සාමකාමි ප්‍රවේශය අගය කළ පක්ෂයකි.

දේශපාලන ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත අත්මලිංගම් රවීන්ද්‍ර හෙවත් රුපන් 1987දී ඉන්දු - ලංකා ගිවිසුම යටතේ එල්.ටී.ටී.ඊය විසින් පිහිට වූ උතුරු නැගෙනහිර අතුරු කමිටුවේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කර තිබේ.

එසේම රණසිංහ ප්‍රේමදාස එවකට හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයේදී 1990 වසරේ පැවති සාකච්ඡාවලදී ද හෙතෙම එල්.ටී.ටී.ඊ සංවිධානය නි‍යෝජනය කරමින් සහභාගි වී ඇත.

කෙසේ හෝ 1985 සිට 2009 දක්වා 29 වසරක් එල්.ටී.ටී.ඊයේ සටන් පෙරමුණ නියෝජනය කළ ඔහුගේ අපේක්ෂාව වී ඇත්තේ හිටපු සිය සාමාජිකයින් ඉදිරියේදී නිවැරදී මාවතට ගැනීම හා මන්ත්‍රීවරයෙකු ලෙස ද්‍රවිඩ ජනතාවට සේවය කිරීමය.

යම් හෙයකින් අත්මලිංගම් රවීන්ද්‍ර හෙවත් රුපන් පාර්ලිමේන්තුවට තේරී පත්වුවහොත් එල්.ටී.ටී.ඊයේ හිටපු ක්‍රියාකාරියෙකු මැතිවරණයකට ඉදිරිපත්ව ජයග්‍රහණයක් ලබාගන්නා පළමු වතාවද මෙය වනු ඇත.

එල්.ටී.ටි.ඊ සංවිධානයේ හිටපු ප්‍රධාන පෙළේ තවත් නාය‍කයෙකු වූ කරුණා අම්මාන් පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගනු ලැබුවේ ජාතික ලැයිස්තුවෙනි.

අද දෙරණ

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us