තේ පොහොර සහනාධාරය රුපියල් හාරදහස දක්වා ඉහළ නංවා තිබෙනවා.

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ ඊයේ (28 වැනිදා) පැවැති “ජාතික සමස්ත ලංකා හෙද සමුළුව“ සඳහා හෙද හෙදියන් සිය නිල ඇඳුමින් පැමිණ සිටීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවට නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (CAFE) සංවිධානය විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට පැමිණිලි කර ඇත.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ  අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධූරයෙන් තව ස්වල්ප මොහොතකින් ඉල්ලා අස්වීමට සූදානමින් පසුවන බව වාර්තාවේ.

ලබන මස අගෝස්තුවේ සිට රුපියල් අටදහසක් දක්වා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සිසුන්ගේ දීමනාව වැඩිකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර  තිබේ. 

දීපව්‍යාප්ත වන අලි සංගණනයක් පැවැත්වීමට, වනජීවි දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (29) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

හපුගල ජල ටැංකියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (29) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 

ජාතික ගීයක් වැරදි ලෙස ප්‍රචාරය වීම සම්බන්ධයෙන් පැරිස් ඔලිම්පික් සංවිධායකයින් විසින් සමාව ඉල්ලා ප්‍රකාශයක් නිකුත්කර තිබේ.

ld add copy

Connet With Us