හම්බන්තොට වරායෙන් ගොඩබාන ලද හයිබ්‍රිඩ් වාහන 2000 ක්‌ පමණ වෙන්දේසියේ දමා අලෙවි කිරීමට සිදුවනු ඇතැයි හම්බන්තොට වරාය ආරංචි මාර්ග පවසයි. මෙම මෝටර් රථ ගෙන්වූ මෙරට සමාගම් මෙම වාහන ඉවත්කර ගැනීමට පියවර නොගතහොත් මෙම පියවර ගැනීමට සිදුවන බව වරාය ආරංචි මාර්ග පවසයි.

අප රටේ ක්‍ෂය රෝගීන්ගෙන් 49% ක්‌ හා ලාදුරු රෝගීන්ගෙන් 41% ක්‌ ද සිටිනුයේ බස්‌නාහිර පළාතේ යෑයි බස්‌නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂිකා ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීප්ති පෙරේරා මහත්මිය ප්‍රකාශ කළාය.

වසර 4කට වඩා වැඩි කලක් ක්‍රීඩා සංගම්වල ප්‍රධාන තනතුරු දැරූ අයට නැවත නාමයෝජනා ලබාදිය නොහැකි බවට ලැබුණු නීතිපති උපදෙස් පිළිබඳ නැවත සලකා බැලීමට ක්‍රීඩා අමාත්‍යාංශය සූදානම් වෙයි.

ශ්‍රී ලංකා - ඉන්දියා ‍ඵෙතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ‍දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අගමැති න‍රේන්ද්‍ර ‍මෝදි මහතා අද (13) ශ්‍රී ලංකාවට සැපත් ‍වෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනාවකට අනුව මෙරටට පැමි‍ණෙන ඒ මහතා වසර 27 කට පසුව නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමි‍ණෙන පළමු ඉන්දීය රාජ්‍ය නායකයා වශ‍යෙන් ඉතිහාසයට එක් ‍වෙයි. මීට ප්‍රථම අවසන් වරට හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධී මහතා‍ නිල සංචාරයක් සඳහා‍ 1987 වස‍රේ දී ශ්‍රී ලංකාවට පැමිණි‍යේය.

නාගරික සංවර්ධන ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයට අයත් ආයතන දෙකකින් පසුගිය පාලන සමයේ දී පැවැති උත්සව දෙකකට සහභාගී වූ භාතිය සංතුෂ් සංගීත කණ්ඩායමට රුපියල් ලක්ෂ හාරසියයක මුදලක් ගෙවා ඇතැයි හෙළිදරව් වී ඇත.

වත්මන් රජය විසින් පසුගිය රජය විසින් ක්‍රියාත්මක කර තිබූ සංවර්ධන ව්‍යාපෘති නතර කිරීම නිසා සේවකයන් හැට දහසකට අධික සංඛ්‍යාවකගේ රැකියා අහිමි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවැසීය.

තමාගේ සහ සිය දරුවන්ගේ ආරක්ෂාව පිණිස ජනපතිවරණ දින රාත්‍රිය ගත කළේ කුරුණෑගල සිය මිතුරෙකුගේ නිවසේ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

අපි බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තරබාරු බව. තරබාරු නැති උනත් අපි හැමෝම කැමතියි නිරෝගී හැඩති සිරුරක් පවත්වාගෙන යන්න. ඒත් ඉතින් ඒ වෙනුවෙන් ව්‍යායාම කිරීම හරිම කම්මැලි වැඩක් වෙන්න ඇති. ඒවගේම ව්‍යායාම කිරීම සඳහා gym එකකට යන්නත් ඔබ අකමැති ඇති. ඒ වෙනුවට ඔබට නර්තනයේ යෙදෙන්න පුළුවන්.

ld add copy

Connet With Us