ජනක බණ්ඩාරගේ හිතත් හොදටෝම රිදිලා

Published in පුවත්
Friday, 24 July 2015 12:14

පළාත් සභා සහ ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර අැත. ඔහු මේ බව පවසා අැත්තේ දඹුල්ලේ තම නිවසේ පැවති මාධ්‍ය හමුවකදීය.ඉල්ලා අස්වීමට අදාළ ලිපිය මේ වන විට ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ.

වත්මන් නායකත්වය යටතේ කටයුතු කිරීමට නොහැකි බැවින් මෙම තීරණය ගත් බව ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කියයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවීම සිදු නොවීම සහ ජනාධිපතිවරයා පසුගියදා ජනතාව අමතා සිදු කළ කතාව තමාගේ මෙම තීරණයට හේතු වූ බව ඔහු වැඩිදුරටත් සදහන් කර තිබේ.

එම ප්‍රකාශයෙන් පක්ෂයට මෙන්ම පාක්ෂිකයින්ට විශාල හානියක් වූ බවට ශ්‍රීලනිප හිටපු මන්ත්‍රීන්ගේ අදහස වී අැත.

ඒ අනුව පසුගියදා සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, එරික් වීරවර්ධන හා ලසන්ත අලගියවන්න යන අයද ඔවුන් දැරූ තනතුරුවලින් ඉවත් වූහ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us