මේ දිනවල ළමුන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහ ඉහළ ශ්වසන මාර්ගයේ වෛරස් උණ රෝග වැඩිවීමේ තත්ත්වයක් පවතින බැවින් ඒ සඳහා විශේෂ අවධානයෙන් කටයුතු කළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රොහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසා තිබේ.
අවිධිමත් සේවකයන් ලක්ෂ 40කට විධිමත් රැකියා දෙන්න රජය සූදානමින්
මෙරට මිලියන හතරකට ආසන්න අවිධිමත් අංශයේ සේවකයන් කඩිනමින් විධිමත් අංශයට අන්තර්ග්‍රහණය කර ගැනීමට නියමිත බව වාර්තා වේ.
රථවාහන ගාල් කරන්න තාක්ෂණික ක්‍රමවේද යොදා ගැනීමට අපේක්ෂාවක්
කොළඹ නගර සභා බලප්‍රදේශය තුළ රථ වාහන ගාල් කිරීම සඳහා වන ක්‍රමවේදයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව කොළඹ මහනගර සභාව පවසයි.
ශ්‍රී ලාංකිකයන්ට සිංගප්පූරුවේ නව රැකියා අවස්ථා වෙනුවෙන් සාකච්ඡා
සිංගප්පූරුවේ ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාවට බලපාන කාරණා සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී දෙරට අතර සහයෝගිතාව ඉහළ නැංවීම සහ පුළුල් වන රැකියා වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා ලබාගැනීම පිළිබඳ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෙනරත් දිසානායක සහ සිංගප්පූරුවේ මිනිස් බල ඇමැති, වෙළෙඳ හා කර්මාන්ත දෙවන ඇමැති, ආචාර්ය ටැන් සී ලෙංග් මහත්වරුන් අතර පසුගියදා (18) පැවති හමුවකදී අවධානය යොමු කෙරිණි.
රට ගොඩනැඟීමට තමාට සහාය ලබා දෙන ලෙස එදා තමා පළමුව ඉල්ලා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් බවද එදා ඔහු ගත් නිවැරදි තීරණය සම්බන්ධයෙන් ස්තූති කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පැවසීය.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයේදී සහය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 92 ක් අද (30) ඒකමතිකව තීරණය කරනු ලැබූහ.
යතාර්ථය තේරුම් ගෙන වැඩ කරන්න - ප්‍රමිතගෙන් පොහොට්ටුවට අවවාදයක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් අද පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඔහුට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය පලකරන බව නිල වශයෙන් දැනුම් දෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.