ආණ්ඩුවට සම්බන්ධවී සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් තමන් දරන ඇමැතිධූරවලින් ඉවත් වීමට සූදානම් නැති බව ඇමැතිධූරවලින් ඉවත්ව ගිය රාජපක්ෂවාදී ශ‍්‍රී ලනිප මන්ත‍්‍රීවරුන්ට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (29) දිනයේ අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුරයන්හි දිවුරුම් දුන්නේය.

ලෝක ව්‍යවසායකත්ව දර්ශකයේ 71 වන ස්ථානය ශ්‍රී ලංකාවට ලැබී ඇත. ආසියානු-පැසිපික් කලාපයේ රටවල් අතර එය 11 වන ස්ථානය බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඊයේ ඇති වූ සිදුවීමෙන් පසු  මේ වනවිට කොටකෙතන ප්‍රදේශය  සන්සුන්  බවත් ආරක්ෂාව  තහවුරු කර ඇති  බවත්  පොලිස් මාධ්‍ය  ප්‍රකාශක කාර්යාලය පවසයි.

අමාත්‍ය පදවි වලින් ඉල්ලා අස්වූ ශ්‍රීලනිප අමාත්‍යවරුන් වෙනුවට වෙනත් ශ්‍රිලනිප අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම්දීමට නියමිත බව වාර්තාවේ.

අල්ලස් හා  දුෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහට  එරෙහිව විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ නීති උපදේශකවරියක් ලෙස දීමනා ලබාගැනීම සම්බන්ධයෙන්  වූ   චෝදනා අසත්‍ය බව  අල්ලස් කොමිසම තීරණය කොට  තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමේ උත්සාහයේ පෙරමුණ ගෙන සිටින්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ පෙළේ සංවිධායකවරුන් වන නිසා ඊට වෙනස් මතයක සිටින පක්ෂයේ පහළ පෙළේ ක‍්‍රියාකාරීන් වෙනම සංවිධානය කිරීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක් විසින් අගමැති සහ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට විශේෂ ලිපියක් යැවීමට සූදානම් වේ.

ld add copy

Connet With Us