නිලංග දෑලගේ මැරයන් ගෙන් ඡන්දදායකයන්ට තර්ජන

Published in පුවත්
Tuesday, 08 September 2015 11:56

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ 20 වැනි දියවඩන නිලමේ පත්කර ගැනීමේ නිලවරණය අද (8 වැනිදා) පැවැත්වෙන අතර දහවල් 2ට පැවැත්වීමට නියමිත අතර මේවන විටත් අදාල ඡන්ද දායක භික්ෂූන් වහන්සේ හා රාජ්‍ය නිළධාරීන් ‍රැසක් සෙංකඩගල බෞද්ධ මධ්‍යස්‌ථාන පරිශයට පැමිණ සිටි. මීට මොහොතකට පෙර හිටපු බස්නායක නිලමේ නිලංග දැල බණ්ඩාරගේ ආධාරකරුවන් ලෙස පනී සිටින කණ්ඩායමක් භික්ෂුන් වහන්සේ නමකට හා තවත් කිහිප දෙනෙකුට 'දෑල බණ්ඩාරට ඡන්දය නොදුන හොත් ප්‍රශ්නවලට මුහුන දිය හැකි..' බව කියමින් තර්ජනය කර ඇතැයි වාර්තාවේ.

බණ්ඩාර මහතා මෙවර මැතිවරණයට ඉදිරිපත් වන්නේ ඔහුට එරෙහිව දළදා මාළිගාවේ මුදල හා දේපල මුදල් අක්‍රමිකතා සම්බන්දයෙන් චෝදනා ‍රැසක්ද එල්ල වී තිබියදීය.

මෙවර හතර දෙනකුගේ නම් ඉදිරිපත්වීම නිසා දියවඩන නිලමේ තෝරා ගැනීම තියුණු තරගයක්‌ බවට පත්ව ඇත.

සෙංකඩගල බෞද්ධ මධ්‍යස්‌ථානයේදී පැවැත්වෙන මෙම නිලවරණයට හිටපු දියවඩන නිලමේවරු දෙදෙනකු හා බස්‌නායක නිලමේවරු දෙදෙනකු ඉදිරිපත්ව ඇත.

හිටපු දියවඩන නිලමේ නිලංග දැල, හිටපු දියවඩන නිලමේ නෙරංජන් විඡේරත්න, නාථ දේවාලයේ බස්‌නායක නිලමේ නීතිඥ ගයාන් හීන්කෙන්ද, ගනේගොඩ දේවාලයේ හිටපු බස්‌නායක නිලමේ රසික සුදන්ත පුංචි බණ්‌ඩාර සේනානායක යන මහත්වරුන් තරග වදින සිව් දෙනාය.

මෙම නිලවරණයේදී ඡන්දය දීමට 301 දෙනෙක්‌ සූදානමින් සිටිති. මල්වතු අස්‌ගිරි උභය විහාරයන්හි මහ නාහිමිවරුන් උඩරට රාජධානියට අයත් පුරාණ විහාරයන්හි විහාරාධිපති හිමිවරුන්, ගිහි පැවිදි භාරකරුවන් ප්‍රාදේශීය ලේකම්වරුන් හා මහනුවර බස්‌නායක නිලමේවරුන් මෙම නිලවරණයේදී ඡන්දය දීමට සුදුසුකම් ලැබුවෝ වෙති.

බෞද්ධ කටයුතු කොමසාරිස්‌ ජනරාල් චන්ද්‍රප්‍රේම ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (8දා) ප.ව. 2.00 ට පැවැත්වෙන මෙම නිලවරණයේදී ඉදිරි දස වසර සඳහා ශ්‍රී දළදා මාළිගාවට දියවඩන නිලමේවරයකු පත්කර ගනු ඇත.

 

Last modified on Tuesday, 08 September 2015 11:59

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us