ෆොන්සේකාගේ කඳුළු හා මහින්දගේ මජරකම (video)

Published in පුවත්
Tuesday, 08 September 2015 11:26

මහින්ද රාජපක්ෂ යනු ලැජ්ජාවක් නැති පුද්ගලයකු බව හිරු ටීවී තුළින් ඊයේ(07) දිනයේදී විකාශය වූ 'සලකුණ' වැඩසටහනට සහභාගී වූ ෆීල්ඩ් මාර්ල් සරත් ෆොන්සේකා පෙන්වා දෙනලදී.

පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දෙන අවස්ථාවෙදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සරත් ෆොන්සේකා හට කතාබහ කරමින් සුහදව හැසිරුනාද යන්න පිළිබඳව විමසූ විට ඔහු මේ බව හෙළි කළේය. තමා හේමා ප්‍රේමදාස මැතිනිය සමඟ කතා කරමින් සිටියදී ඒ අතර මැදට පැන තමා හා කතා කරන්නට ගත් මජර උත්සාහය ෆොන්සේකා මහතා විසින් හෙළි කරන ලදී.

සාමාන්‍ය යෙන් අප දන්නා පරිදි මාධ්‍ය ඉදිරියේදී මහින්ද රාජපක්ෂ යනු තමන්ගේ පරම සතුරා සමඟ හෝ හිනාවෙන්න කතා කරන්න දැඩි උත්සාහයක් ගන්නා තැනත්තේකි. කුණු හරුපයක් හෝ කියා අසල සිටින වුන් සිනා ගස්සවා මාධ්‍ය හමුවේ සුහද රංගන වල යෙදෙන්නට ඔහු දක්ශයකි. ෆොන්සෙකා මහතා විසින්ද තහවුරු කරන්නේ ඔහුගේ එම මජර ගතියයි.

එහිදී සරත් ෆොන්සේකා මහතා පැවසුවේ පසුව තමන්හට මහින්දට රාජපක්ෂ ‘‘කොහොමද සරත්‘‘ කියමින් කතාකරන්නට උත්සාහ කළත් තමන් එය ගණන් නොගෙන සිටි බවයි.

කිසියම් හෝ හේතුවකින් එම අවස්ථාවේ මහින්ද රාජපක්ෂ සමඟින් කතාකරන්නට සිදුවූයේ නම් ඔහුහට පසුගිය අතීතය නැවත ආවර්ජනය කරදෙන බවටත් සරත් ෆොන්සේකා මහතා එහිදී පවසා සිටියේය.

'එයා ඇහුවා මගෙන් කොහොමද සරත් කියලා, ඒ අවස්ථාවේ හැටියට අතීතයේ දෙවල් මට කියන්න බෑ ඒ දුෂ්කර ජීවිතය අපි ගත කරපු, අපෙන් පලිගත්තා, හිරිහැර කළා, දියණියගේ විවාහය පවා කඩාකප්පල් කළා, ඒ හැමදේමට ඔවුන් වගකියන්න ඕනි. මාව ඇදගෙන ගිහිල්ලා මගේ අයිතිවාසිකම් ගැන සලකන්නේ නැතුව, මාගේ ආත්ම ගරුත්වය ගැන සලකන්නේ නැතුව ඇදගෙන ගිහිල්ලා හිරේ දැම්මා, මාස 8ක් රිමාන්ඩ් එකේ තියාගෙන හිටියා නඩුවක් නැතුව. ඒ මාස 8ට මාගේ බිරිඳට මාව දකින්න දුන්නේ දවසට එක පාරයි, විනාඩි 15යි, සාමාන්‍යයෙන් රිමාන්ඩ් එකේ ඉන්න හිරකාරයෙක්ටත් පවුලේ අයට දවසට තුන්පාරක් බලන්න ආහාර ගේන්න පුලුවන්. සමහර දවස්වල බිරිඳ හරවලා යවනවා, රස්තියාදු කරනවා. ඒ විදියට අපිට සැලකුවේ...' (මේ මොහොතේදි ෆොන්සේකා මහතාගේ ඇස් කඳුළින් පිරෙයි)

'ඔබතුමාගේ ඇස් දෙකේම කඳුලු.' සරත් ෆොන්සේකාගේ ඇස්වල කඳුලු කියන්නේ දුලභ සිදුවීමක් නේද ?

'ඔව්, නමුත් ඒ කරපු නින්දිත නිවට වැඩ මතක් කළාම හිතට වේදනාවක් එනවා.'

යුධ පෙරමුණක රණ ශුරයෙකු ලෙසින් දැඩි චිත්ත ධෛරයකින් සිටි ඔහු මින්පෙර කිසිදු දිනකදී මෙතරම් සංවේදී වන අයුරු ඔබත් නොදැක තිබෙන්නට ඇති .

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us