ලාල්කාන්තගේ විසඳුම තියෙන්නේ මෛත්‍රී ගාවලු !

Published in පුවත්
Tuesday, 08 September 2015 10:20

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්‌ථානයේ සභාපති කේ. ඩී. ලාල් කාන්ත මහතා විසින් වැඩකරන ජනතාවගේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සාකච්ඡාවක්‌ ඉල්ලා ලිපියක්‌ යවා ඇත.

කේ. ඩී. ලාල්කාන්ත මහතාගේ අත්සනින් යවන ලද එම ලිපියේ මෙසේද සඳහන් වේ.

මතුව තිබෙන නව දේශපාලන සන්දර්භය තුළ වැඩකරන ජනතාවගේ ගැටලු විසඳා ගැනීම සඳහා විධිමත් ප්‍රවේශයක්‌ ගත යුතු බව විශ්වාස කරන අපි පසුගිය කාලය තුළ අප මධ්‍යස්‌ථානය මගින් දියත් කරන ලද විවිධ ක්‍රියාමාර්ගවලට අදාළවත් මේ වන විට වැඩකරන ජනතාව මුහුණපාන ඇත්ත ගැටලු සම්බන්ධයෙන් ඔබතුමා සමග පුළුල් සාකච්ඡාවක්‌ කළ යුතු බවට තීරණය කර ඇති අතර පහත සඳහන් එම ගැටලු සම්බන්ධයෙන් එළැඹෙන අයවැය ද පදනම් කරගනිමින් සාකච්ඡා කිරීමේ අවස්‌ථාවක්‌ අප මධ්‍යස්‌ථානය වෙත ලබාදෙන ලෙස මෙයින් ඉල්ලා සිටින්නෙමු.

රාජ්‍ය සේවක දීමනා සියල්ල මූලික වැටුපට එකතු කිරීම සහ වැටුප් විෂමතා ඉවත් කිරීම. රාජ්‍ය සේවකයන්ගේ කප්පාදු කර ඇති අයිතීන් සහ ප්‍රතිලාභ නැවත ලබාදීමට කටයුතු කිරීම (අග්‍රහාර රක්‌ෂණ, දේපළ ණය, ආපදා ණය), රාජ්‍ය සේවකයන්ගේ ඡන්දය භාවිතා කිරීමට ඇති අයිතිය තහවුරු කර ගැනීමට වැඩපිළිවෙළක්‌ සකස්‌ කර ගැනීම. පෞද්ගලික අංශයේ සේවකයන්ට ලබාදීමට එකඟ වූ රු. 2500 වැටුප් වැඩිවීම පෙබරවාරි මාසයේ සිට හිඟ වැටුප් ද සහිතව ලබාදීම. ජීවන අංකය රු. 280 ගැසට්‌ කිරීම, වතු කම්කරු දෛනික වැටුප රු. 1000 ක්‌ ලබාදීම සහ ඔවුන්ගේ ඉඩම් සහ නිවාස ප්‍රශ්න විසඳා ගැනීම සහ මෑන් පවර් වහල් ක්‍රමය අහෝසි කිරීම, දැනට සිටින සේවකයන් ස්‌ථිර කිරීම යන ඒවා සාකච්ඡා කළයුතු එම ප්‍රධාන ගැටලු වේ.

divaina

Last modified on Tuesday, 08 September 2015 11:14

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us