වාරියපොළ තිළිණි, යළි කරළියට

Published in පුවත්
Tuesday, 08 September 2015 10:01

වාරියපොළ නංගී නමින් සමාජ ජාලාවල ජනප්‍රිය වූ තිළිණි අමල්කා නම් තරුණිය, වාරියපොල බස් නැවතුම් පොලේ දී සෙල්වා නම් තරුණයකුට පහර දුන් සිද්ධිය පසුගිය වසරේ මාධ්‍ය තුළ මහත් අන්දෝලනයකට ලක්විය.

ඒ අනුව වාරියපොල පොලිසියට කරනු ලැබූ පැමිණිල්ල පසුගිය අවුරුද්දක කාලයක් තිස්සේ විභාග වීමෙන් පසුව අවසන් තීන්දුව 2015 සැප්තැම්බර් 02 වන දින, එනම් ඉකුත් බදාදා වාරියපොල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී ලබා දෙනු ලැබීය. ඒ අනුව චූදිතයා වූ සෙල්වා නම් පුද්ගලයා එහිදී වැරදිකරු වූ අතර ඔහුට මාස 6ක බරපතල වැඩ සහිතව සිර දඩුවමක් සහ දඩ මුදලක් නියම කරන ලදි.

පොදු ස්ථානයක දී කාන්තා හිංසනයට එරෙහිව තරුණියක් දැක්වූ ප‍්‍රතික‍්‍රියාවක් වූ මේ සිදුවීම පිළිබද සමාජයේ විවිධ අදහස් හා මත ඇති අතර ඒ පිළිබද විවෘත සංවාදයක් සමාජය තුළ ඇති නම් තරුණිය කිරීම වෙනුවෙන් ඇය සහභාගීවන මාධ්‍ය හමුවක් අද දින පැවැත්වීමට නියමිතව ඇත.කොළඹ 07, විජයරාම මාවතේ, සව්සිරිපායේදී මේ පැවැත්වෙන අතර සමබිම සංහිද පැමිණිලි මධ්‍යස්ථානය මේ සංවිධානය කරයි

එහිදී
1. තිළිණි අමල්කාගේ පාර්ශවයෙන් සිදුවීම සත්‍ය ලෙසම සිදු වූ ආකාරය ඉදිරිපත් කිරීම.

2. පොදු ස්ථාන වලදී කාන්තාවන් හිංසනයට පත් වීම හා අදාළ නීතිමය සහ සමාජීයමය පසුබිම පිළිබද සමබිම සංහිද පැමිණිලි මධ්‍යස්ථානය, ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සහ සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් විසින් විග‍්‍රහයක් ඉදිරිපත් කිරීමට නියමිතය.

Last modified on Tuesday, 08 September 2015 10:16

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us