තාජුඩීන්ගේ ජංගම දුරකථනයේ කේත අංකය මාර්ගයෙන් එය හඳුනා ගැනීමට හැකිව තිබෙන අතර නාරාහේන්පිට ශාලිකා ක්රීඩාංගණය ඉදිරිපිට මාර්ගයේ තිබී ඒ ආසන්න වෙළදසැලක සේවකයෙකු මෙම දුරකථනය අසුලාගෙන ඇතැයි පැවසේ.
රිය අනතුරක් හේතුවෙන් මිය ගිය බවට ඔප්පු කරන්නට උත්සහ කළ මෙ සිදුවීමේදි ඔහුගේ දුරකතනය සිද්ධිය වූ ස්ථානය ආසන්නයේ බිම වැටී තිබීම ද මේ සිදුවීම රිය අනතුරකට වඩා දෙයක් එම ස්ථානයේ සිදුව තිබෙන බව පැහැදිලි කරන්නකි. මෙම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකටය.