ඒකීය රටක දෙමළ ඩයස්‌පෝරාව සහභාගි වන ජාත්‍යන්තර සමුළුවක්‌ පවත්වන්නේ නම් එය නීතිවිරෝධී කටයුත්තක්‌ බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් හා විදුලිබල බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (11 වැනිදා) පැවසීය.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කොලිත ගුණතිලක මහතා ලබන ජුනි 16 වන දින සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කිරීමෙන් අනතුරුව පුරප්පාඩුවන ගුවන් හමුදාපති තනතුර සඳහා කිහිප දෙනෙකු අතර තරගයක් නිර්මාණය වී තිබේ.

හිටපු ජනාධිපතිවරයා හංදියක් හංදියක් ගානේ රැස්වීම් නොතියා නිවසට වී සිටියා නම් ඔහුට අාරක්ෂාව පිළිබද කිසිම ගැටළුවක් උද්ගත නොවන බව රාජිත සේනාරත්න මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල් මානෙල් මල හැඳීන්වීමේදී එය නිවැරදිව හැඳින්වීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේනම මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ව්‍යවස්ථා දායක සභාවට සිවිල් සාමාජිකයන් පත්කිරීමක් පවතින පාර්ලිමේන්තුවේදී සිදු නොකරන බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවැසීය.ඔහු මේ බව පැවසුවේ අද(11) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදීය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු දක්වන මෙන් අභියාචනාධිකරණය නීතිපතිවරයාට දැනුම් දී තිබේ.

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ගොනු කළ පෙත්සම සලකා බැලීම ජුනි මස 29 වනදා දක්වා කල් දමා අැත.

පසුගිය රජය විසින් ද්විත්ව පුරවැසිභාවය අහෝසි කර ඔවුන්ගේ දේශපාලන හිතවතුන් සීමිත පිරිසකට පමණක් ලබාදුන් බව මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.අද (11) විදේශ කටයුතු අමාත්‍යංශයේදී 150 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ලබාදීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ld add copy

Connet With Us