රෝහල්වල වැඩිහිටි හිතකාමී වාට්ටු පිහිටුවීමේ වැඩපිළිවෙලක්
රෝහල්වල වැඩිහිටි හිතකාමී වාට්ටු පිහිටුවීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
රිමාන්ඩ් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා යළි ජූනි 24 දක්වා රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (17) නියෝග කළේය.
නව මැතිවරණ ක්‍රමය සම්මත කර දීමට වර්තමාන ආණ්ඩුව කටයුතු නොකරනවා නම් එය සම්මත කිරීම සඳහා පමණක් නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට කටයුතු කරන බව පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.
ලසන්ත වික්‍රමතුංග මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙම ඝාතනයට සම්බන්ධ පුද්ගලයන්ගේ බවට සැක කරන ජංගම දුරකථන අංක 20 ක් සොයාගෙන ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද (17) අල්ලස් කොමිසමට පැමිණියේය.
2015 සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත මානව හිමිකම් කොමිසමේ 30 වැනි සැසි වාරයේදී ශ්‍රී ලංකා හමුදාව හා එල්.ටී.ටී.ඊ. සංවිධානය සිදුකළ බව පැවසෙන යුද අපරාධ හා මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව සකස් කළ වාර්තාව එළිදැක්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නව මැතිවරණ ක්‍රමය ඇතුළත් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත රජයේ මුද්‍රණාලය වෙත ලැබී ඇත.
විවාද කළ යුත්තේ හිටපු මුදල් ඇමති සමග මිස අධ්‍යාපන ඇමති සමග නොවේ - රවී
රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට සහභාගී වන්නේ නම් ඒ හිටපු මුදල් අමාත්‍යවරයා සමග මිස හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා සමග නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

