හුදෙකලා කරන ලද ප්‍රදේශ සහ වෙනත් ප්‍රදේශයන්හි නිවෙස්වල නිරෝධායන වන පවුල් සඳහා ලබා දෙන සහන මල්ල නොලැබෙන්නේ නම් ඒ පිළිබඳ 1965 ක්ෂණික දුරකථන අංකයට පැමිණිලි කරන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

දෙහිවල ගල්කිස්ස නගර සභාව විසින් කොරෝනා මෘත දේහ බහාලීම සඳහා කාඩ්බෝඩ් මීනී පෙට්ටි වර්ගයක් හඳුන්වා දී තිබේනවා.

කොවිඩ් ආසාදනයට ලක්වන නිදහස් වෙළෙඳ කලාප සේවක සේවිකාවන් සඳහා වෙළෙඳ කලාප තුළම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමට ආයෝජන මණ්ඩලය පියවර ගෙන තිබේ.

දැඩි සංචරණ සීමා පනවනු ලබන්නේ කොවිඩ් -19 රෝග තත්ත්වය පාලනය කිරීමට වන අතර ඒ සඳහා මහජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ සහ කාසල් කාන්තා රෝහලේ ආසාදිතව ප්‍රතිකාර ලබන ගැබිණි මව්වරුන් හා දරු ප්‍රසූතිය කළ මව්වරු ගැටළු කිහිපයකට මුහුණදී සිටින බවට තොරතුරු වාර්තා වේ.

බස්නාහිර පළාත තුළ සේවයේ නියුතු මහජන පරීක්ෂකවරුන් අද (25) ක්‍රියාත්මක කිරීමට සිටි වැඩ වර්ජනය අත්හිටවූ බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එම්. බාලසූරිය මහතා සඳහන් කර තිබේ.

එන්නත්කරණය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී වාතාවරණය හේතුවෙන් අද (25) උදෑසන සිට බස්නාහිර පළාතේ කොවිඩ් මර්දන රාජකාරී ඇතුළු සියලු කටයුතුවලින් ඉවත්වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේනවා.

කොවිඩ් -19 අසාදිතව මියගිය පුද්ගලයින්ගෙන් වැඩි ප්‍රතිශතයක් දීර්ඝ කාලීනව බෝ නොවන රෝගවලින් පෙලෙන පුද්ගලයන් බවට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

මෙම තත්ත්වය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දීර්ඝ කාලීනව බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයින් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය සඳහන් කරයි.

ඒ සදහා බෝ නොවන රෝගීන් සඳහා වෛද්‍ය සායන සහ හුදකලා කර ඇති ප්‍රදේශවල විශේෂ ජංගම සායන මගින් ඖෂධ සහ ප්‍රතිකාර කටයුතු සිදුකිරීමට ද මේ වනවිට ක්‍රමවේදයක් සකස් කර ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.

-පංචාලි අබේසේකර

ld add copy

Connet With Us