ආණ්‌ඩුවේ සිටින එක්‌සත් ජාතික පක්‍ෂ මැති ඇමැතිවරුන් 07 දෙනකු ළඟදීම විපක්‍ෂයට එක්‌වීමට නියමිතය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය යටතේ විමර්ශනවලට මුහුණදුන් පසුගිය රජයේ ප්‍රබල දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ කෙළින්ම අධිචෝදනා පත්‍ර ගොනු කෙරෙනු ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් තමා තරම් කැපකිරීම් කළ අයෙකු තවත් නොමැති බවත් වෙනත් එවැනි අයෙක් සිටී නම් තමන්ට පවසන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

19වන ව්‍යවස්ථා සංශෝධනය අනුව පිහිටවිය යුතු ව්‍යවස්ථාදායක සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස ඇමති පාඨලී චම්පික රණවක නම් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. 

ඉදිරි වසර 5 තුළ තරුණ ප්‍රශ්න විසදීමට කැප වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පෙර ව්‍යවස්ථාදායක සභාව ස්ථාපිත කරන ලෙස පැෆ්රල් සංවිධානය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ලබන සතියේ කථානායක චමල් රාජපක්‍ෂ මහතාවෙත ඉදිරිපත්කරන බව ශ්‍රී ලංකා නිදහස්පක්‍ෂයේ ප්‍රබලයෙක් පවසයි.

ලබන ජුනි 1 වන දා සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප තවත් රුපියල් 2000කින් ඉහළ නංවන බව රජය පවසයි.

worky

worky1

ld add copy

Latest News

Connet With Us