වසර 12කට අධික කාලයක් තිස්සේ පීඩාවට පත්ව අපේක්ෂාභංගත්වයෙන් සිටි ජනතාව නව පාලනයක් පත් කර ගෙන ඇති මොහොතේ ඇතැමුන් විපක්ෂයෙන් සිට තව දුරටත් ජනතාවට එරෙහිව කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. නිවේදනයක් මගින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විපක්ෂයේ ඇතැමුන් පටු දේශපාලන වාසි වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළට කිසිදු ජනතා සහයක් නොමැති බවයි.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ විසිවැනි (20) සංශෝධනය මහින්ද රාජපක්‌ෂ මහතාගේ පාර්ශ්වයෙන් ගෙන එන්නේ නම් ඊට කිසිලෙසකින්වත් එක්‌සත් ජාතික පක්‌ෂයේ සහයෝගය ලබා නොදෙන බව එම පක්‌ෂයේ මහ ලේකම් ඇමැති කබීර් හෂීම් මහතා පවසයි.

මහා මාර්ග 28ක් සංවර්ධනය කිරීම සඳහා පසුගිය රජය සමයේ මාර්ග සංවර්ධන අධිකාරිය ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබා ගත් රුපියල් බිලියන 55ක ණය මුදලින් රුපියල් බිලියන 28ක් වෙනත් කාර්යයකට වැය නොකළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කරන ප්‍රකාශය ඔප්පුකර පෙන්විය යුතු බව ප්‍රතිපත්ති සැලසුම් රාජය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

20 වන ව්‍යවස්ථා සංශෝධනය පෙන්වමින් මැතිවරණය කල් දැමීමට උත්සහ කිරීමේ උපායට තමන් හසු නොවන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි. අද (ජුනි 01) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමතිවරයා එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට බවත් ඒ හරහා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරගැනීමට අවශ්‍ය නිසා 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉක්මණින් සම්මත කරගැනීමට අවශ්‍ය බව පවසයි. නමුත් එය සම්මත කරගැනීමට යථාර්ථවැදී අවකාශයක් නොමැතිනම් එය පෙන්නමින් මැතිවරණය කල් දැමීමට ඉඩ නොදෙන බව නියෝජ්‍ය ඇමතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

දිවිනැගුම අරමුදලේ මුදල් සාවද්‍ය පරිහරණය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු සැකකරුවනට ඇප දීම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරමින් දුන් නියෝගය ප්‍රතිශෝධනය කර සැකකරුවනට ඇප දෙන්නැයි ඉල්ලමින් කොළඹ මහාධිකරණයේ අද නඩු තුනක් පැවැරිණි.

යාපනය, පුංකුඩිතිව් ප්‍රදේශයේ පදිංචිව සිටි සිවලෝගනාදන් විත්‍යා පැහැ‍රගෙන ගොස් සමූහ අතවරයට ලක් කර මරා දැමීමේ සිද්ධියේ සැකකරුවන් නව දෙනා අද දිනයේ යළිත් කයිට්ස් අධිකරණය වෙත යොමු කළ අවස්ථාවේදී එළඹෙන 15 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් පොලිස් මුල්‍ය වංචා විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත කර ගන්නා තෙක්‌ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නැතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ (31 වැනිදා) පැවැසීය.

worky

worky1

ld add copy

Latest News

පළාත් කිහිපයක උෂ්ණත්වය අද යළිත් ඉහළට

පළාත් කිහිපයක උෂ්ණත්වය අද යළිත් ඉහළට

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම්...

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us