එකම පලිබෝධ නාශකයට එක එක මිළ ගණන් බැහැ ! කෘෂිකර්ම ඇමති කියයි !

Published in පුවත්
Wednesday, 18 October 2023 13:44

එකම පලිබෝධ නාශකය විවිධ නම්වලින් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධව වහාම නියාමණයක් සිදු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයාට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් ගොවීන් මහත් පීඩාවට පත්ව ඇතැයි කල්පිටිය ප්‍රදේශයේ ගොවි සංවිධාන විසින් අමාත්‍යවරයාට කළ දැනුම් දීමකට අනුව ඔහු මෙලෙස උපදෙස් ලබා දී ඇති බවයි සදහන් වන්නේ.

පසුගියදා නොරොච්චෝලේ හා කල්පිටියේ ගොවි සංවිධානවල නියෝජිතයින් හමු වූ අවස්ථාවේ දී ගොවි ජනතාව අමාත්‍යවරයාට මෙම ගැටළුව ඉදිරිපත් කළේය.

විශේෂයෙන් පළිබෝධ නාශක නම් කිරීමේ දී වල් නාශක හා කෘමිනාශකවල ඇතුලත් වන නාමයෙහි සියයට 75ක් එහි අඩංගු රසායනික නාමය ඇතුළත් වන සේ නාමකරණය කළ යුතුව තිබේ. එහෙත් ඇතැම් ප්‍රදේශවල අලෙවි කරන පළිබෝධනාශකවල අඩංගු වන නාමයන් එසේ නොමැති බවත්, බොහෝ පළිබෝධ නාශක වගාවන්ට යෙදුවද නිසි ප්‍රතිඵල නොලැබෙන බවත් ගොවීහු පැවසූහ.

කෙසේ වුවද මෙවැනි පළිබෝධ නාශක පිළිබඳව තොරතුරු වහාම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය හෝ පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයට ලබා දෙන ලෙසත්, තත්ත්වයෙන් බාල කෘමිනාශක හා වල්නාශක අලෙවි කරන හා බෙදාහරින ආයතන හා පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියත්මක කරන බවත්, එවැනි සමාගම් අසදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම මෙවර මහ කන්නයේ දී සියලුම ගොවි ජන සේවා මධ්‍යස්ථාන මගින් පලිබෝධ නාශක අලෙවි කිරීමට කටයුතු යොදන්නැයි අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

සාමාන්‍යයෙන් පලිබෝධ නාශක අලෙවි නියෝජිතයෙකුට අදාල නිෂ්පාදන සමාගම් විසින් ලබා දෙන සියයට 20ක වට්ටමෙන් සියයට 02ක් මෙහෙයුම් ගාස්තු වශයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට තබා ගන්නා ලෙසත් ඉතිරි සියයට 18ක වට්ටම ගොවි ජනතාවට සහනයක් ලෙස ලබා දීමට පියවර ගන්නැයි ද අමාත්‍යවරයා ගොවි ජන සංවර්ධන කොමසාරිස් ජනරාල් එච්. එම්.ඒ. එල්. අබේරත්නට උපදෙස් දුන්නේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us