ඉවත්කළ පොලිස්පති ජනපති යළි පත්කරයි !

Published in පුවත්
Wednesday, 18 October 2023 13:51

ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් මහජන ආරක්ෂක අමාත්‍ය (පොලිසිය භාර) ටිරාන් අලස් මහතාත් දිවයිනෙන් බැහැරව සිටින අවස්ථාවකදී පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය පැයක් ඇතුළත නැවත ආපසු හරවමින් පොලිස්පතිවරයා යළි ධුරයේ පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (17) දිනයේදීම පියවර ගත්තේය.

පොලිස්පතිවරයා යළි පත් කිරීමට අදාළ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ බීජිං නුවර සිට අවශ්‍ය නියෝග සියල්ලම වහාම ලබාදී තිබේ.

ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයාත් පොලිසිය භාර අමාත්‍යවරයා ලෙස ටිරාන් අලස් මහතාත් දිවයිනේ නොසිටින අවස්ථාවක පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සිදු කළ බරපතළ වරදක්යැයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ‘දිනමිණට’ ප්‍රකාශ කළේය.

මේ මොහොතේ දිවයිනෙන් බැහැරව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවත් දින දෙකකින් යළි පැමිණීමට තිබෙන පසුබිමක පොලිස්පතිවරයා ඉවත් කිරීම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් යැයි ප්‍රබල සැකයක් මතු වන බව ද ඉහත ඇමැතිවරයා තවදුරටත් පැවසීය.

ජනාධිපතිවරයා දිවයිනට පැමිණීමට පෙරාතුව කිසියම් කුඩු ජාවාරම්කරුවකු ආරක්ෂා කිරීම සඳහා මෙම පියවර ගත්තාදැයි වහාම සොයා බලන බව ද එම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයාත් පොලිසිය භාර මහජන ආරක්ෂක අමාත්‍යවරයාත් රට තුළ නොසිටින මොහොතක පොලිස්පතිවරයා ඉවත් කිරීම මෙරට සමස්ත පොලිසියම වසා දැමීමකට සමාන යැයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

-දිනමිණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us