දේශගුණික විපර්යාස අර්බුදයට ජනපතිගෙන් විසඳුම් 3 ක්

Published in පුවත්
Wednesday, 18 October 2023 18:04

අනාගත දේශගුණික විපර්යාසයන්ට ශක්තිමත්ව මුහුණදීමට ඝර්ම කලාපීය රටවල් කේන්ද්‍රකර ගනිමින් විශේෂ වැඩපිළිවෙළක් දියත් කළයුතු බව පැවැසු ජනාධිපති වික්‍රමසිංහ ඒ වෙනුවෙන් විසඳම් 3ක් ඉදිරිපත් කරමින් චීන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන්ගේ සම්මන්ත්‍රණයකදී පැවසීය. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ 03 වන “එක් තීරයක් - එක් මාවතක්” ජාත්‍යන්තර සමුළුවට සමගාමීව අද (18) පස්වරුවේ චීන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී “ස්වභාවික සුසංයෝගය වෙනුවෙන් හරිත සේද මාවත” මැයෙන් පැවති ඉහළ පෙළේ සම්මන්ත්‍රණය අමතමිනි.

මෙම සම්මන්ත්‍රණය චීන මහජන සමූහාණ්ඩුවේ උප ජනාධිපති හාන් ෂෙංග් (Han Zheng) මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් (Antonio Guterres) මහතා සහ ඊට සහභාගී වූ අනෙකුත් රටවල රාජ්‍ය නායකයින්ද මෙහිදී අදහස් දැක්වූහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්මන්ත්‍රණය අමතමින් වැඩිදුරටත් පැහැදිළි කළේ ලෝකය මුහුණ දෙන ප්‍රධාන භූගෝලීය ත්‍රිත්ව අර්බුදයන් සේ සැලකෙන දේශගුණික විපර්යාස, පරිසර දූෂණය සහ ජෛව විවිධත්ව විනාශය සම්බන්ධව කඩිනම් පියවර ගැනීමේ අරමුණ ඇතිව ඊට අදාළ පර්යේෂණ සිදු කිරීම හා ආරක්ෂණ පියවර ගැනීමට පසුබිම සැකසෙන දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කළ යුතු බවට තමන් යෝජනා කරන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය

දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය මඟින් ප්‍රධාන කරුණු 03ක් සාක්ෂාත් කර ගැනීමට අප අපේක්ෂා කරනවා. පළමුවැන්න අනුගමනය කළයුතු ආරක්ෂක සාමුහික යහ පියවර පිළිබඳ පර්යේෂණ කිරීමයි. දෙවැන්න දැනුම බෙදා හදා ගැනීමයි. තුන්වැන්න ප්‍රායෝගික අධ්‍යාපනයයි.

මෙම විශ්වවිද්‍යාලය මඟින් දේශගුණික වෙනස්වීම් අවම මට්ටමක පවත්වාගෙන යාම සඳහා තියුණු පර්යේෂණ, අදාළ නියෝජිත ආයතනයන්හි සිදු විය යුතු වෙනස්කම්, ජාත්‍යන්තර සහයෝගය, ප්‍රජා ක්‍රියාකාරකම් ආදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ගතහැකි පියවර පිළිබඳ සොයා බලනවා.

ඒ වගේම ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.5ක මට්ටමකට සීමා කර ගැනීම සඳහා අවශ්‍ය දැනුම, පර්යේෂණ සහ විසඳුම් ලබා දෙනවා. මෙම විශ්වවිද්‍යාලය දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කරනවා.

දේශගුණික විපර්යාසවලට එරෙහි සටනට ප්‍රධාන බාධාවක් වී ඇත්තේ ලෝකයේ බොහෝ රටවල් මුහුණ දෙන ආර්ථික අර්බුදයි. ඔවුන් මුහුණ දෙන අර්බුද නිසා දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ සටනට එක් වීම අතිශය අසීරු සහ සංකීර්ණ කාර්යයක් වී තිබෙනවා.

මුළු මහත් විශ්ව ප්‍රජාවම එකට එක් වී මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීම වඩාත් යෝග්‍ය ක්‍රමවේදයයි. ඒ සම්බන්ධයෙන් මම යෝජනා 03ක් ඉදිරිපත් කිරීමට කැමතියි.

පළමුවැන්න අඩු ආදායම් ලබන රටවලට ණය සහන ලබාදීමයි. දෙවැන්න වැඩි ආදායම් රටවලට සහනදායී පදනම මත ණය ලබා ගැනීමේ අවකාශ සැලසීමයි. තුන්වැන්න ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව ඇතුළු වෙනත් බහුපාර්ශ්වීය සංවිධාන ඔස්සේ අමතර අරමුදල් සැපයීමයි.

මා මීට පෙර සඳහන් කළ ඝර්ම කලාපීය රටවල් 150ක් තිබෙනවා. එයින් 88ක්ම එක් තීරයක් - එක් මාවතක් වැඩපිළිවෙළේ පාර්ශ්වකරුවන් වනවා. මෙම ඝර්ම කලාපය මුළු ලෝකයේම භූමි ප්‍රමාණයෙන් 40%ක්. ඒ වගේම ලෝක ජනගහණයෙන් 40%ක් වෙසෙන්නෙත් මෙම කලාපයේයි.

එවන් පසුබිමක තිරසර සංවර්ධන ගමන් මගෙහි පාරිසරික අවශ්‍යතාව ප්‍රධාන අවශ්‍යතාවයක් ලෙස සලකා මෙවැනි සමුළුවක් සංවිධානය කිරීම පිළිබඳව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රමුඛ චීන සමූහාණ්ඩුවට මගේ ස්තූතිය පළ කරනවා.

2021 වසරේ ආසියානු පැසිෆික් එක් තීරයක් - එක් මාවතක් ඉහළ පෙළේ සමුළුවේදීත් ශ්‍රී ලංකාව හරිත සේද මාවත වැඩපිළිවෙළට පූර්ණ සහාය ලබා දුන්නා. ඉදිරියටත් අප අපේ සහාය ලබා දෙනවා.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us