හිංසනය වැළැක්වීම උදෙසා වැදගත් පනත් 03ක් ඉදිරියේදී !

Published in පුවත්
Tuesday, 10 October 2023 19:45

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම සදහා ඉතා වැදගත් වන පනත් 03ක් ගෙන ඒමට කටයුතු සූදානම් කර තිබෙන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ ප්‍රකාශ කර තිබේ.

මන්ත්‍රීවරිය සදහන් කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි මෙය ක්‍රියාවට නංවන බවයි.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (10) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ය මේ බව සදහන් කර සිටියා .

එසේම කාන්තාවගේ සමාජ සුරක්ෂිතතාව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති රජය ඒ වෙනුවෙන් දිස්ත්‍රික් 10 ක් ආවරණය වන පරිදි කාන්තා රැකවරණ මධ්‍යස්ථාන ඉදි කිරීමට සැළසුම් කර ඇති බවත් ඇය සදහන් කර සිටියා .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය,

'කාන්තාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඔවුන්ගේ සෞඛ්‍යය ආරක්ෂිත බව ඉහළ නැංවීම ද ඉතාම වැදගත් වනවා. ඒ සදහා ගනු ලබන පියවරක් ලෙස සනීපාරක්ෂක තුවා බදු අඩු කිරීම වෙනුවෙන් මැදිහත්වීමක් සිදුකිරීමට අප අමාත්‍යාංශය බලාපොරොත්තු වනවා.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීමේ වැඩසටහනක් ද ඉදිරියේදී ක්‍රියාවට නැගීමට නියමිතයි. ඒ යටතේ ඉතාමත් වැදගත් පනත් තුනක් ගෙන ඒමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතා පනත, කාන්තාවන් පිළීබඳ ජාතික කොමිෂන් සභා පනත සහ කාන්තාවන් සවිබලගැන්වීමේ පනත ක්‍රියාවට නැංවීමට කටයුතු කරනවා.

මෙම වැඩසටහන එක්සත් ජාතින්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වෙනවා. මෙම සමස්ත වැඩසටහන ඉදිරි පස් වසර (2024 – 2028) තුළ ක්‍රියාවට නැංවීමට නියමිතයි. ඒ යටතේ තරුණ කාන්තාවන්, වැන්දඹුවන්, බන්ධනාගාරගතවු පවුල්වල කාන්තාවන්, වතු අංශයේ කාන්තාවන්, අඩු ආදායම්ලාභී නාගරික කාන්තා ව්‍යවසායිකාවන් දිරිගැන්වීම සඳහා ස්වයං රැකියා යෝජනා ක්‍රම ද ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ වගේම දිස්ත්‍රික් 10 ක් ආවරණය වන පරිදි කාන්තා රැකවරණ මධ්‍යස්ථාන ඉදි කිරීමට අප කටයුතු කරනවා. මීට අමතරව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශය විසින් ළමුන් වෙනුවෙන් ද විශේෂ කාර්යයන් රැසක් මේ වන විට ක්‍රියාවට නගා ඇති බව කිවයුතුයි.
ගර්භනී සහ කිරිදෙන මව්වරු සඳහා මාස 10 කට රු. 45,000 පෝෂණ දීමනාවක් ලබා දීමේ වැඩසටහන මේවන විටත් ක්‍රියාත්මකයි.ඒ අනුව මාස 6 ක කාලයක් සඳහා සහ කිරිදෙන සමයේ මාස 04 ක් වශයෙන් මාස 10 ක් සඳහා අදාළ ප්‍රතිලාභය හිමි වනවා.

මීට අමතරව 2023 වර්ෂයේ දී පෙර පාසැල් ළමුන් සදහා උදෑසන ආහාර වේලක් ලබාදීම වෙනුවෙන් ද වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙන අතර, ඒ වෙනුවෙන් ඉලක්කගත දරුවන් ප්‍රමාණය 155,000 ක් වනවා .

ඒ වගේම “ගුරු අභිමානී” වැඩ පිළිවෙලට අනුව පෙර පාසල් ගුරුවරියන් සඳහා මාසිකව රු.2500/- ක දීමනාවක් ලබා දීමට ද කටයුතු කර තිබෙනවා.

ළමුන් හා කාන්තාවන්ගේ ගැටළු සඳහා මාසිකව දිස්ත්‍රික් මට්ටමින් රැස්වීම් පැවැත්වීම ද මේ වනවිටත් අප ආරම්භ කර එම කටයුතු සාර්ථකව සිදු වෙමින් පවතිනවා.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us