ඉදිරියේ දී අපේ රටේ රබර් වගාව ද වන වැස්මට ඇතුළත් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර ඇති අතර එම වැඩ පිළිවෙළ කඩිනම් කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දී ඇති බවත් වාර්තා වේ.

ඉකුත් සති අන්ත දිර්ඝ නිවාඩුවේ දී මෙරට උද්‍යාන නැරඹීම සඳහා පැමිණි දේශීය විදේශීය සංචාරකයින්‍ ගෙන් කෝටියකට ආසන්න ආදායමක් උපයා ඇතැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

රටේ සෑම දෙයක්ම රාජ්‍ය සේවය මත රඳා පවතින හෙයින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට ඉදිරියේ දැවැන්ත වගකීම් කොටසක් පැවරී ඇති බව ජනාධිපතිතුමා සියලුම කැබිනට් ලේකම්වරුන් අමතමින් සඳහන් කර තිබෙනවා. නව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් මහතා පත් කිරීම සම්බන්ධයෙන් එම පත්වීම් ලිපිය, ජනාධිපතිවරයා විසින් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී භාර දෙනු ලැබු අවස්ථාවේදී මෙම අදහස් පළ කර ඇත.

නව ගුවන් පාලම් 4ක් ඉදිකිරීම සඳහා මහාමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

චීනයෙන් මෙරටට සහල් මෙට්‍රික් ටොන් දස ලක්ෂයක ප්‍රමාණයක් පරිත්‍යාගයක් ලෙස ලැබීමට නියමිත බව වාර්තා වේ.

ඉන්ධන මෙට්‍රික් ටොන් 37,500ක් සහිත නෞකා දෙකක් කොළඹ වරාය වෙත පැමිණ, ඉන්ධන ගොඩබෑම මේ වන විට ආරම්භ කර තිබේ.

ගාමිණි සෙනරත් මහතා ජනාධිපති ලේකම් ධුරයේ වැඩ භාරගෙන තිබේ.

ගෝලීය වශයෙන් ව්‍යසනයකට මුහුණ දී ඇති මොහොතක රට ගොඩනැගීමට එකතුවීමට සියලුදෙනාටම ජාතික වගකීමක් ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ld add copy

Latest News

වැඩි මිළට පානීය ජල බෝතලයක් අලෙවි කළ හෝටලයකට රු.ලක්ෂ 10ක දඩයක් !

වැඩි මිළට පානීය ජල බෝතලයක් අලෙවි කළ හෝටලයකට රු.ලක්ෂ 10ක දඩයක් !

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මුදලකට පානීය ජල බෝතලයක් අලෙවි කළ හපුතලේ ප්‍රදේශයේ හෝටලයකට බණ්ඩාරවෙල මහේස්...

Connet With Us