දිවයින පුරා සිටින වනජීවී නිලධාරීන් අද (18) දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ආනයනික බිත්තර මිලියන 10ක් අද (18) සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

අද(18) සිට දිවයිනේ පළාත් 6 ක් ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ වසා දැමුණු තවත් පීඨ 2ක අධ්‍යයන කටයුතු අද(18) යළි ආරම්භ වීමට නියමිතයි.

ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමේ සූදානම තහවුරුකර ඇති බව මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ සිදුවීම් වලින් පැහැදිලිය.

භික්ෂු සමාජයේ සහ දෙමළ ඩයස්පෝරාවේ ඒකාබද්ධ ප්‍රයත්නය ජාතික සංහිඳියාව වෙනුවෙන් කළහැකි බලපෑම මැයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සංවිධානය කරන සාකච්ඡා මණ්ඩපය දෙසැම්බර 17 වන ඉරිදා සවස 5.00 ිට 7.00 දක්වා පැවැත්වේ. මේ සඳහා ZOOM අවකාශය ඔස්සේ සම්බන්ධ විය හැකිය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත්කර ඇති බව වාර්ථාවේ.

ඉන්දියා සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ මූලස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට කලාපයේ රටවල් තීරණයකට එළඹ තිබේ.

ld add copy

Connet With Us