ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයට දේශපාලන ඇගිලි ගැසීම් සිදුවීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙරටට ජාත්‍යන්තර ක්‍රිකට් තහනම් කිරීමට පියවර ගෙන ඇත.
ජාත්‍යන්තරය සමඟ ආර්ථික සබඳතා පුළුල් කර ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණයි - ජනපති
ඉන්දියාව සහ කලාපීය විස්තීරණ ආර්ථික සහයෝගීතා (RCEP) සංගමයේ රටවල් සමඟ ආර්ථික සහයෝගීතාව ඇතිකර ගැනීම මෙන්ම යුරෝපා සංගමය සමඟ ද සබඳතා ශක්තිමත් කර ගැනීම කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
2024 දී නව ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ඇරඹීමට රජය සැලසුම් කරයි!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ නව ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් 2024 වසරේ දී ඇරඹීමට රජය සැලසුම් කර ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක පැවසීය.
පරිණත ක්‍රීඩකයින්ට අවස්ථාව ලබාදෙමින් ක්‍රිකට් ශක්තිමත් කළ යුතුයි- රවි
රට පත්ව තිබුණු අඳුරු කාල පරිච්ඡේදයෙන් යම් මට්ටමක ඉදිරියට පැමිණෙන අවස්ථාවක අපි සියලු දෙනාගේම වගකීම එකට එක්ව කටයුතු කිරීම බවත්, ක්‍රිකට් ආයතනයේ පවතින වංචා දූෂණ නැති කර පරිණත ක්‍රීඩකයින්ට අවස්ථාව ලබාදෙමින් එය ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බවත්, හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක පවසයි.
බඳින ලද තුවක්කුවක් පත්තු වීමෙන් බරපතළ ලෙස අසාධ්‍යව සිටි අග්බෝ ඇතාගේ පාදය සුව අතට හැරෙමින් පවතින බව වාර්තා වේ.
දොලවත්ත ගෙනා, තරුණ නියෝජනය 25%ක් කරන යෝජනාව සම්මතයි!
රටේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී තරුණ ප්‍රජාවට වැඩි අවස්ථාවක් ලබාදීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා විසින් ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
කාන්තා සේවා නියුක්තිය සම්බන්ධව නව නීතියක් හඳුන්වා දුන්නත් අර්ධ කාලීන රැකියා පිළිබඳ එහි සඳහනක් නොමැති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නියෝජිත රමනි ගුණතිලක පැවසුවාය.
වසර 15කට පසු LTTE විත්තිකරුවන් 3නෙකු නිදොස් කොට නිදහස් !
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එල්.ටී.ටී.ඊ විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.