සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් සේවයෙන් ඉවතට

Published in පුවත්
Monday, 29 April 2024 08:45

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබේ.

අප්‍රේල් මස 20 වනදා සිට ශ්‍රී ලංකා යුද හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින නිලධාරීන් හා සෙසු නිලයන්ට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ඒ අනුව එම පොදු සමා කාලය තුළ මේ වනවිට යුද හමුදා සාමාජිකයින් 7,156 දෙනෙකු සේවයෙන් ඉවත් වී ඇති බව යුද හමුදා මූලස්ථානය සඳහන් කළේය.

යුද හමුදා සාමාජිකයින් 7,143 දෙනෙකු ඔවුන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථානවලින් තාවකාලිව ඉවත් කිරීම සිදුකර ඇති බවද වාර්තා වේ.

මේ අතර ත්‍රිවිධ හමුදාව සඳහා රජය ලබා දී ඇති පොදු සමා කාලය වෛද්‍ය අංශයේ නිරත රණවිරුවන් සඳහා ද ලබාදීමට කටයුතු කළ යුතු බව එක්සත් රණවිරු ප්‍රජාව පවසයි.

එම සංගමයේ කැඳවුම්කරු අසේල ධර්මසිංහ පැවසුවේ, වෛද්‍ය අංශයේ සේවයේ නිරත රණවිරුවෙකුගේ මාසික වැටුප කිසිසේත් ප්‍රමාණවත් නොවන බවය.

"යුද හමුදා රණවිරුවන්ට පොදු සමාව ලබාදෙමින් සිටිය දී ඊට දින දෙකකට පස්සේ, ත්‍රිවිධ හමුදාපතිවරු ලියුමක් ගහනවා වෛද්‍ය හා දන්ත වෛද්‍යවරුන්ට මේ වරප්‍රසාදය ලබාදෙන්න එපා කියලා. මේ සියලු රණවිරුවන් උසස් පෙළ ජීව විද්‍යාව අංශයෙන් ඉගෙන ගත්ත ළමයි. පාබල රෙජිමේන්තුවක ඉන්න සෙබළෙක් සහ වෛද්‍ය අංශවල වැඩකරන රණවිරුවෙක්ගේ වෙනස රුපියල් 425යි. මේ අය විශ්වවිද්‍යාල යන්න හිටිය ළමයි. මේ වෙද්දි මේ අය සේවය අතහැරලා ගිහින් තියෙන්නේ. විශේෂයෙන් අවධාරණය කරනවා මේ රණවිරුවන්ටත් මේ වරප්‍රසාදය ලබාදෙන්න. රණවිරු රෝහල් රැකගන්න අවශ්‍ය නම්, නිසි වැටුපක් දෙන්න."

-P.M

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us