පාකිස්තානයේ සිට මෙරටට ප්‍රවාහනය කළ කෝටි 600ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට

Published in පුවත්
Monday, 29 April 2024 08:38

පාකිස්තානයේ සිට මෙරටට ප්‍රවාහනය කරමින් තිබු රුපියල් කෝටි 600ක වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දීය වෙරළාරක්ෂක බුද්ධි අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

"අල් රාසා" නැමති යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබු මෙම මත්ද්‍රව්‍ය තොගය සමග කාර්ය මණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සඳහන් කර ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 86ක් පමණ වන අතර එහි වටිනාකම රුපියල් කෝටි 600කට අධික බව ද වෙරළාරක්ෂක බළකාය පැවසීය.

අත්අඩංගුවට ගත් කාර්ය මණ්ඩල සාමාජිකයින් 14දෙනාම බලුකිස්තානයේ පදිංචිකරුවන් බව ද සඳහන්ය.

ඒ අනුව ඔවුන් වැඩිදුර පරීක්ෂණ සඳහා ගුජරාටයේ පොර්බන්ඩර් වෙත රැගෙන විත් තිබේ.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා ඇත්තේ, මෙම මත්ද්‍රව්‍ය තොගය ඉන්දියාව වෙත ප්‍රවාහනය කරමින් තිබු බව ප්‍රථමයෙන් සැක පළ කළ ද පසුව ඒවා ශ්‍රී ලංකාව වෙත ප්‍රවාහනය කරමින් තිබෙන බවට තොරතුරු අනාවරණය කර ගෙන ඇති බවය.

මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන බව ද අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා තිබේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us