සුරා බද්ද වැඩි කිරීම නිසා නීත්‍යනුකූල මත්පැන් භාවිතය අඩු වී කසිප්පු භාවිත කිරීම ඉහළ යාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුවත් කර සුරා බද්ද අඩුකර ගැනීමට අවධානය යොමු කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායමට දැනුම් දී ඇත.

පාර්ලිමේන්තුවේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ජනතාව කසිප්පු භාවිත කිරීම ඉහළ යාම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. එහිදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

‘‘මත්පැන් භාවිතය අඩුවීම සිදුව ඇත්තේ මත්පැන් මිල ඉහළ යාම නිසයි. මේ සඳහා විකල්ප දෙකක් තියෙනවා. සුරා බද්ද අඩු කිරීම හෝ ගල් අරක්කු බෝතලයක මිල අයවැයෙන් අඩු කිරීම. නැතිනම් ජනතාව කසිප්පු බීලා මැරෙයි. රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරමින් ප්‍රකාශ කර තිබේ. මෙහිදී ජනාධිපතිවරයාද ප්‍රකාශකර ඇත්තේ කසිප්පු භාවිතය ඉහළ ​ගොස් ඇති බව තමන්ද පිළිගන්නා බවයි. ‘‘මේ ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දුන්නා. ඒ අය කසිප්පු ගැන දන්නේ නැහැ. සුරා බදු වැඩි කිරීමෙන් මත්පැන් භාවිතය අවම කිරීම ගැන තමයි අරමුදල කතා කරන්නේ. ලබන සාකච්ඡා වටයේදී දත්ත සහිතව කතා කරලා සහනයක් ගමු ’’ ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙවර අය වැයෙන් සමාජ ආරක්ෂණ සැලසුම් ලෙස අස්වැසුම වැඩසටහන තුන් ගුණයකින් ඉහළ නැංවීමට මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර අත්දැකිමී යොදා ගනිමින් නව ආදායම් අධිකාරියක් ස්ථාපිත කිරීමට ද මෙවර අයවැයෙන් යෝජනා කෙරේ.

ලබන වසරේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (13) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මහපොළ සහ ශිෂ්‍යාධාර සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2,500ක් වෙන් කර ඇති බව පැවසූ  මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට අමතර ව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර ඇත්තේ මෙලෙසයි...

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා 2024 අයවැය මගින් නව යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පවසයි.

ඒ අනුව, 

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වූ පසුව මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කරන බව අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වැටුප් ඉහළ දැමීම හිතුමතේ කළ නොහැකි බව 2024 අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

ld add copy

Connet With Us