ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ 11 වන දින පැවති සාකච්ඡාවේදී සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර හිමිවු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

අධිකරණ නියෝග කඩ කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් වූ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර තිබෙනවා.

ජංගම දුරකථන සිම්පත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත නැවත ලියාපදිංචි කිරීමේ ජංගම සේවාවක් දීප ව්‍යාප්තව සිදු කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

නිල්වලා ගඟේ ලවණ බාධකයේ කොටසක් ඉවත් කිරීමේ වැඩකටයුතු අවසන් කර තිබේ.

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය සන්නද්ධ සේවාවන් සමඟ එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන “සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය – 2023” ප්‍රධාන සැමරුම් උත්සවය සහ පොපි මල් සැමරුම සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ, විහාර මහාදේවි උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී  ඊයේ(11) පස්වරුවේ පැවැත්විණි.

දීපවාලී උත්සවය නිමිත්තෙන් සියලු දමිළ පාසල් සඳහා හෙට දිනයේ නිවාඩු ලබාදීමට අධ්‍යාපනය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරටට පැනවූ ක්‍රිකට් තහනම ඉවත්කර ගැනීමට පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතදීත් ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

අපනයනය කිරීම සඳහා පළතුරු වගා කෙරෙන ගම්මාන පුළුල් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ld add copy

Connet With Us