මෙරට කෘෂි වගාවන් නංවාලීමට චීනයේ සහය

Published in පුවත්
Monday, 29 April 2024 13:36

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු නංවාලීමට චීනයේ ක්‍රියාත්මක විශාල කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික එකතුව සහයෝගය පළකර තිබේ.

මේ දිනවල ශ්‍රි ලංකාවේ සංචාරයක නිරතව සිටින චීන කුඩා හා මධ්‍යම පරිමාණ වාණිජ සංගමයේ නියෝජිත පිරිස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර හමුවී මෙම සහයෝගය පළ කර ඇති බව සඳහන්ය.

මෙරට වගා කරන අන්නාසි, කෙසෙල් ඇතුළු පලතුරු හා එළවළු වගාවට සහ ශ්‍රී ලංකාවේ තේ වගාව නංවාලීමට තාක්ෂණික සහයෝගය ලබා දීම මෙන්ම එම නිෂ්පාදන චීනයට අපනයනය කිරීම සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබාදීමට සූදානම් බව එම සංගමය ප්‍රකාශ කළේය.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරනු ලබන කවර යෝජනාවක් වුවද ක්‍රියාත්මක කිරීම සඳහා සිය සංගමය සූදානම්ව සිටින බවයි.


.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us