වජිර කෝච්චියෙන්ම මැයි රැළියට එයි

Published in පුවත්
Wednesday, 01 May 2024 13:13

එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන අද (01) උදෑසන ගාල්ල සිට කොළඹ බලා දුම්රියෙන් පැමිණි බව වාර්තා වෙයි.

මැයි දින සැමරුම වෙනුවෙනුවෙන් ඔහු කොළඹ බලා පැමිණ ඇත්තේ  සිය ආධාරකරුවනුත් සමඟය.

සිය ආධාරකරුවන් සමඟ ගාල්ලෙන් දුම්රියට ගොඩවූ මන්ත්‍රීවරයා දුම්රිය රියදුරු කුටියේ ගමන් ගෙන තිබේ.

දුම්රිය ගමන ආරම්භවීමට පෙර සෙසු මැදිරිවල සිටි සිය ආධාරකරුවන් අතරට ගොස් ඇති වජිර අබේවර්ධන  ඔවුන් සමඟ සුහද කතා බහකද නියැලී ඇත.

ගාල්ල දුම්රිය ස්ථානයේ දී ‘අනාගත ජනාධිපතිතුමාට ජයවේවායි’ වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා වටකරගත් ආධාරකරුවන් ජය ඝෝෂා නගා තිබෙන බවද වාර්තා වෙයි.

Last modified on Wednesday, 01 May 2024 13:14

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us