සයිනොපෙක් මිළත් වෙනස් වෙයි

Published in පුවත්
Wednesday, 01 May 2024 09:38

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් ඉන්ධන මිල ගණන් පහළ දැමීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 365කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් පහළ දමා ඇති අතර එහි නව රුපියල් 420කි.

එසේම රුපියල් 27කින් ඔටෝ ඩීසල් මිල පහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 333කි.

සයිනොපෙක් සුපර් ඩීසල් මිල ද රුපියල් 9කින් පහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 377කි.

මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද පියවර ගෙන තිබුණි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 368 කි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 420කි.

සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 30කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 333කි.

එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 09 කින්ද පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 377කි.

භූමිතෙල් මිල රුපියල් 30කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 215කි.

මේ අතර ලංකා අයි.ඕ.සී සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අනුව පහළ දමන බව නිවේදනය කර තිබුණි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us