දරුවන්ට දඬුවම් කිරීම මාපිය-ගුරු-වැඩිහිටි සියල්ලටම තහනම් කරන නීතියක්

Published in පුවත්
Wednesday, 01 May 2024 09:17

සියලු ක්ෂේත්‍රවල ශාරීරික දඬුවම් පැනවීම තහනම් කිරීම සඳහා වන විධිවිධාන ඇතුළත් කරමින් දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති බන්දුල ගුණවර්ධන පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

හොඳම දේ ලබා දිය යුත්තේ දරුවන්ට නම් නරකම දේ ලබා දීම ද වැළක්විය යුතුය යන්න පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමුව තිබෙන බවත් ඒ අනුව සියලු ක්ෂේත්‍රවල ශාරීරික දඬුවම් පැනවීම තහනම් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙන බවත් ඇමැතිවරයා පැවැසීය.

ඒ අනුව, මෙරට ළමා අයිතිවාසිකම් අන්තර්ජාතිකව පිළිගන්නා ආකාරයට සකස් ක‍ර උසස් දියුණු සදාචාරසම්පන්න සමාජයකට තිබිය යුතු ප්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහා සියලු ක්ෂේත්‍රවල ශාරීරික දඬුවම් පැනවීම තහනම් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව හෙතෙම සඳහන් කළේය.

මෑත කාලයේදී මාධ්‍ය ඔස්සේ ද බොහෝ විට දරුවන්ට සිදු කරනු ලැබූ අමානුෂික විවිධ පහර දීම් සම්බන්ධව ප්‍රචාරය වීම් ද නිරන්තරයෙන් දක්නට ලැබුණු බවත් දරුවන්ට මින්පසු කිසිදු ආකාරයක ශාරීරික මානසික දඬුවම් පැනවීම වැළැක්වීමට අදාළ වන පරිද්දෙන් දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය සංශෝධනය කිරීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

ශාරීරික දඬුවම් අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය ඊයේට (30) යෙදී තිබිණි. මීට සමගාමීව දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීම කැබිනට් මණ්ඩලය අනුමත කිරීමත් සමඟ මෙරට සෑම දරුවකුගේම අයිතීන් සහ යහපැවැත්ම සුරක්ෂිත කිරීමට රජයේ කැපවීම මඟින් දරුවන්ට අවශ්‍ය නීතිමය ආරක්ෂාව ද සැලසේ.‍ ඒ අනුව, වැඩිහිටියන් හෝ ගුරු දෙගුරුන් විසින් හෝ ශාරීරිකව හෝ මානසිකව කිසිදු දඬුවමක් කිරීම නීතිය අනුව වරදකට වැරදිකරු වන ආකාරයට මෙම පනත සංශෝධනය වන බව ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Last modified on Wednesday, 01 May 2024 09:25

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us