පිරිමි ළමුන්,ලිංගික හිංසනයට ලක් කිරීම අපරාධයක් බවට පත් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට පනත් කෙටුම්පතක් පසුගිය සතියේ ගැසට් කර ඇත.

පාසල් නිල ඇදුම් සහ පෙළ පොත්, මාර්තු මාසයේ පළමු සතිය වන විට බෙදා අවසන් කරන බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පවතින වියළි කාලගුණයත් සමග දෛනික විදුලි ඉල්ලුම, ගිගාවොට් පැය 3 ත් 4 ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල අද (18) ප.ව 4.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ වසරේ මාස එකහමාරක කාලය තුළදී සංචාරක ව්‍යාපාරය මඟින් රුපියල් කෝටි 700ක් උපයා ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් නලින් පෙරේරා පවසයි.

ජනාධිපතිවරයා, ජනාධිපතිධුරය අහෝසි කිරීම හෝ ජනාධිපතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් උත්සාහයක නිරත බවට විපක්ෂ දේශපාලන පක්ෂ ගෙන යන ප්‍රචාරයට පදනම වූයේ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යපාරය පසුගියදා ජනාධිපතිධුරය අහෝසි කළ යුතු බවට නිකුත් කළ නිවේදනයය.

හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 83ක් බව වාර්තා වේ.

කොළඹ බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළේ වැසිකිළි භාවිත කිරීමේ දී අය කරනු ලබන ගාස්තු යළි සංශෝධනය කර තිබේ.

ld add copy

Connet With Us