පාස්පෝට් ඔපිස් ඉදිරිපිට දිගු පෝලිම්. පොලීසිය හා කැරලි මර්දන ඒකකයත් ගෙන්වලා

Published in පුවත්
Friday, 19 July 2024 10:45

විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා ගමන් බලපත්‍ර අයදුම් කිරීම නව ක්‍රමවේදයක් ඔස්සේ අද (19) සිට නිකුත් කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පසුගිය 17 වැනිදා නිවේදනය කර තිබුණි.

ඒ අනුව අයදුම්කරුවෙකු නව විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීමට හෝ අලුත් කරගැනීම සඳහා www.immigration.gov.lk වෙබ් අඩවිය ඔස්සේ අනිවාර්යෙන්ම දිනයක් හා වේලාවක් වෙන් කරගත යුතු වෙයි.

එය එක්දින සේවය හා සාමාන්‍ය සේවය යන දෙවර්ගය සඳහාම වලංගු වන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

මෙවන් පසුබිමක අද උදෑසනත් ජනතාව විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා බත්තරමුල්ලේ ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත පැමිණ තිබුණි.

එහිදී දිනයක් හා වේලාවක් වෙන් කරගෙන පැමිණි පිරිස් වෙත පමණක් අවස්ථාව ලබාදෙන බවට නිවේදනය කිරීමෙන් අනතුරු උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි.

මේ හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට දිගු පෝලිම් හා තදබදයක් දක්නට ලැබුණු අතර පොලීසිය හා කැරලි මර්දන ඒකකය ද කැඳවීමට සිදුව තිබේ.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us