ආර්ථිකය ගොඩනැඟීම පසෙකලා එදා පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් වැය කළා නම් අදවන විට මේ රට ඛේදනීය තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

පසුගිය වසරේදී එච්.අයි.වී ඒඩ්ස් රෝගය වැලඳුන ළමුන් 40 දෙනෙකු හඳුනාගැනීමට හැකිවූ බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය පවසයි.

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අලි සබ්රි රහීම් අද (20) පෙරවරුවේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අරාබි සහ බෙංගාල මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා කිරීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම් දෙයි.

ඉන්දියාවේ මුන්ද්‍රා වරායේ සිට කොළඹ වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගින්නක් හටගෙන තිබේ.

වැඩ වර්ජනයක නිරතව සිටි අනධ්‍යන සේවකයින්ගේ හිඟ වැටුප් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් බිලියන 4.2ක් වෙන් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් ගැසට් කර තිබේ.

ලොව පුරා ගුවන් සේවා සහ බැංකු ඇතුලු ප්‍රධාන පෙළේ ක්‍ෂේත්‍ර වලට බලපාන ප්‍රබල තොරතුරු තාක්ෂණ ඇනහිටීමක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසා තිබේ. 

ld add copy

Connet With Us