ජනපතිගේ දෙවසරක වැඩපිළිවෙළ ගැන සිදු කරන පදනම් විරහිත ප්‍රකාශ ගැන විවෘත සංවාදයකට ඇරයුම්   Featured

Published in පුවත්
Friday, 19 July 2024 11:21

ඉතාම දුෂ්කර අවස්ථාවක රට ගොඩගැනීමේ අභියෝගය භාරගත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දෙවසර තුළ ගෙන ගිය නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ හේතුවෙන් රට තුළ ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

ඒ සම්බන්ධයෙන් ඍණාත්මක හා පදනම් විරහිත සාවද්‍ය ප්‍රකාශ සිදු කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම ආර්ථික පර්යේෂණ ආයතන විද්වතුන්ට, සුදුසු වේදිකාවක් තුළ විවෘත සංවාදයකට ඇරයුම් කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (18) දින ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

ජනාධිපතිවරණයක් කියන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී තීරණ පිළිබඳ ඇති බලවත්ම තීරණය බව අප දන්නවා. එවැනි වකවානුවක මීට වසර දෙකකට පෙර රට තිබූ තත්ත්වය සහ අද තත්ත්වය සංසන්දනය කරන වේදිකාවක් නිර්මාණය විය යුතුයි. රජයක වගකීම වන්නේ ජනතාවගේ ආරක්ෂාව, සුබසාධනය සහ සංවර්ධනයයි. ඒ නිසා මෙම තීරණාත්මක මෙහොතේ යම් සංවාදයක් ගොඩ නැඟිය යුතුව තිබෙනවා.

ඒ වගේම ඉතාම දුෂ්කර අවස්ථාවක රට ගොඩ ගැනීමේ අභියෝගය භාරගත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දෙවසර තුළ සිදුකරන ලද සාධනීය කාරණා තුළින් රට නිවැරදි මාවතට ගෙන ඒමට හැකියාව ලැබුණා. ඒ සම්බන්ධයෙන් ඍණාත්මක කරුණු ඉදිරිපත් කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ආර්ථික පර්යේෂණ ආයතන විද්වතුන් සිදු කරනු ලබන පදනම් විරහිත සාවද්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් සුදුසු වේදිකාවක් තුළ විවෘත සංවාදයකට ඇරයුම් කරනවා.

පසුගිය ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට ජනාධිපතිවරයා ගත් සාධනීය පියවර පිළිබඳ දීර්ඝ ලෙස කරුණු දැක්වීමට මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මා ඕනෑම අවස්ථාවක සූදානම් බව ද කිවයුතුයි.

එසේම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නව ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම සිදු කෙරුණා. ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 7%ක සහන පොලියක් යටතේ මෙම ණය ලබාදීම සිදුවන අතර ඒ සඳහා රුපියල් බිලියන 50ක් වෙන් කර තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව කිවයුතුයි.

මේ යටතේ ඔවුන්ට රුපියල් මිලියන 10ක උපරිමයකට යටත්ව ණයක් ලබා ගත හැකියි. ඒ වගේම කුඩා තේවතු සංවර්ධනය සඳහා රුපියල් බිලියන 06ක් ලබාදෙනවා. කාන්තා ව්‍යවසායිකාවන් සඳහා රුපියල් බිලියන 02ක් ලබාදීම සිදු කෙරෙනවා.
එමෙන්ම ණය සුරුකුම් ආයතනයක අවශ්‍යතාවක් පවතිනවා. මෙම ණය මුදල හරහා ණය සුරකුම් ආයතනයක් ඉදිරි ඔක්තොම්බර් මාසයේ දී ආරම්භ කිරීමට නියමිතයි. තමන්ට ඇපයක් තබාගැනීමට නොහැකි වූ අවස්ථාවක මෙම ආයතනයේ උදව් උපකාර ඇතිව කටයුතු කිරීමේ හැකියාව පවතිනවා.

ඒ වගේම වාහන ආනයනයේ දී බලපා තිබෙන සියලූම අංශවලට අදාළ කරුණු සොයා බැලීමට විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා. මෙම ජූලි මස මුල් සතියේ දී ඔවුන් රැස්වුණා. ඒ අනුව අගෝස්තු මාසයේ දෙවන සතිය වන විට එම වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. අනතුරුව වාහන ආනයනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් යම් ආරම්භයක් ලබාදීමට සූදානමක් තිබෙනවා.

තව ද රේගු පරීක්ෂකවරුන් බඳවා ගැනීමේ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා. එහි සම්මුඛ පරීක්ෂණ ජූලි මස 26 සහ 27 දිනවලදී පැවැත්වීමට නියමිතයි. එමෙන්ම සහකාර රේගු අධිකාරීවරුන් බඳවා ගැනීමේ ප්‍රතිඵල මෙම සතියේ නිකුත් කෙරෙනු ඇතැයි අප බලාපොරොත්තු වනවා. මෙම බඳවා ගැනීම විනිවිද භාවයෙන් යුක්තව සිදු කෙරෙන බව කිවයුතුයි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us