රනිල්ගේ අසාමාන්‍ය කර්තව්‍යය ගැන ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැතිගෙන් පැසසුම්  

Published in පුවත්
Friday, 19 July 2024 12:39

මීට වසර දෙකකට පෙර ඇති වූ ආර්ථික අර්බුදයෙන් පසු රට නැවත ස්ථාවරත්වය කරා ගෙන ඒම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අසාමාන්‍ය කර්තව්‍යයක් ඉටු කර තිබෙන බව ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසයි.

ඔහු මේ බව පවසා තිබෙන්නේ අරලිය ගහ මන්දිරයේදී ඊයේ (18) පැවති 2024 ශ්‍රී ලංකා මානව ප්‍රාග්ධන සමුළුව ( Sri Lanka Human Capital Summit) ට එක් වෙමිනි.

ශ්‍රී ලංකා ආර්ථිකයේ සහ එහි ප්‍රජාවේ අනාගතය පිළිබඳව විශ්වාසයක් ඇති කිරීම ඉතා වැදගත් බවත් එමඟින් මිනිසුන් රැඳී සිටීම, ආයෝජනය කිරීම සහ අවස්ථා ලබා ගැනීමට ආදී නොයෙකුත් දේ සඳහා දිරි ගැන්වීමක් ජනාධිපතිවරයා හරහා සිදුවෙන බවත් එහි දී අග්‍රාමාත්‍යවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ස්කොට් මොරිසන්, මෙසේ ද පැවසීය.

ආදායම් ප්‍රතිසංස්කරණ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ආයතනික මූල්‍ය සැකසුම් ශක්තිමත් කිරීම සහ මහ බැංකුවේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ගනු ලැබූ නිර්භීත ක්‍රියාමාර්ග රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සහ මූල්‍ය ප්‍රකෘතිකරණය යට ඉවහල් වූ බව කිව යුතුයි.

ඔබගේ බැංකු පද්ධතියේ විචක්ෂණ පාලනයන් මත, ඔබේ රාජ්‍ය ව්‍යවසාය සඳහා සිදු කළ වැදගත් ප්‍රතිසංස්කරණ, ප්‍රසම්පාදනයේ සිට ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන සිදුවන ආකාරය දක්වා සෑම දෙයකම විනිවිදභාවය වැඩි දියුණු කරනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහෙයවන ලද දූෂණ විරෝධී ක්‍රියාමාර්ග, සමාජ ආරක්‍ෂණ ජාලය නැවත සකස් කිරීම ආදී සියල්ල ශ්‍රී ලංකාවේ අනාගතයට කෙතරම් වැදගත් ද යත්, එසේ නොවන්නට අනාගතයේ දී ඔබට ශ්‍රම බළකායක් ගැන කතා කිරීමටවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එම අභියෝගවලට මුහුණ දීම සඳහා කැපවීම සහ අධිෂ්ඨානය අඛණ්ඩව පවත්වා ගෙන යා යුතුයි.

විශේෂයෙන්ම ඉන්දියාව, එක්සත් ජනපදය, ජපානය සහ ඕස්ට්‍රේලියාව සමඟ සහයෝගීතාවයෙන් ආරක්ෂාව, ස්වෛරීභාවය සහ ආර්ථික සාර්ථකත්වය ශක්තිමත් කළ හැකි සිව්පාර්ශ්වික නායකයින්ගේ සංවාදය හරහා, කලාපීය හවුල්කාරිත්වයන් සඳහා ශ්‍රී ලංකාව සක්‍රීයව සම්බන්ධ වීම ඉතා වැදගත්.

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය වෙනුවෙන් කැපවී සිටින ජාත්‍යන්තර මිත්‍ර රටවල් සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකින් හැකිවන පරිදි වේගවත්, අපනයන ආර්ථිකයක් ගොඩනැගීමේ පදනම ලෙස ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීම වඩාත් ප්‍රතිඵලදායක වනු ඇතියි.

මෙම අවස්ථාව සදහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුනවර්ධන, අමාත්‍ය බන්දුල ගුනවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මාලදිවයිනේ හිටපු ජනාධිපති හා ජාත්‍යන්තර දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක මොහොමඩ් නෂීඩ් යන පිරිසක් ඒක්ව සිටියහ

Last modified on Friday, 19 July 2024 12:40

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us